
(අංජුල මහික වීරරත්න)
දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
සමෘද්ධි ව්‍යාපාරය යළි පණගැන්වීම සඳහා ජාතික වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා කීය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සමෘද්ධි බැංකු මුලස්ථාන හා ප්‍රජා මූල බැංකු කළමනාකරුවන්, සමෘද්ධි වෘත්තිය සමිති නියෝජිතයන් සහ සමෘද්ධි නිලධාරීන් සමඟ පැවැත්වු සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී එම සාකච්ඡාව පැවැත්විණි.
“අලුත් ගමක් - අලුත් රටක්”සුභ සාධක රාජ්‍යයෙන් නිෂ්පාදන රාජ්‍යයක් වෙත යනුවෙන් නව වැඩසටහන නම් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ගේමක්, අලුත් කප්පමක්... අනේ බං අධිකරණ යෙන් අච්චු කරපු එකා හදන ගම...
දැන් ඔය කියන දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූනේ රටේ ජනතාවගේ වරදින්ද? කොහොමත් ඕකෙන් වැඩිපුර කෙරුණේ දුප්පතා, තවදුරටත් දුප්පතා හැටියට නඩත්තු කරමින් විවිධ දේශපාලනික වැඩ වලට, මැයි රැළි වලට සහ මැතිවරණ ප්‍රචාරක රැළි වලට දැක්කපු එක විතරයි.
නව පනක් දෙනවා නම් ඔය වියදම් කරන මුදලින් ගමටත් වැඩක් කර ප්‍රතිලාභීන්ටත් සෙතක් වෙන්න පනක් දෙනවා නම් හොදයි එහෙම නැතුව පක්ෂයේ ඡන්ද මැසිම හැටියට ඕක තිබිල වැඩක් නැහැ නිදහසෙන් පසු ගතවූ අවුරුදු 76 න් 30 ක් ම සමෘද්ධි දුන්නා කියලා මොකක්ද රටේ වෙලා තියෙන සංවර්ධනය .ඒක නිසා කරනවා නම් සමෘද්ධි සමිති පනගන්වා ඔවුන්ගේ අනිවාර්යවූ (ප්‍රතිලාභීයා නැත්නම් පවුලේ ඡන්ද නාමලේඛනයේ නම තියෙන කෙනෙකුගේ ) ශ්‍රමය මාසෙකට අවම එක දිනක් හෝ යොදාගෙන ගම්වල සංවර්ධන කටයුතු කරන්න එහෙම කලොත් තවත් බොහෝ ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්
ඡන්දෙට ලැස්ති වෙන්න වගේ හදන්නේ. හොඳට අහගෙන ඉදපල්ලා මෙයා ගම්පහ මෙයාගේ හිතවතුන් සමෘද්ධි බෙදන්නයි මේ හදන්නේ අපි නොදන බණ
අඩෝ උඹ ආයෙත් ආරනව නේද ? නාකි ලොක්ක උඹට හොඳට සලකනව වගේ. ඔහොම ඉදිමුනොත් උඹව පුපුරයි. එසේම වේවා කියා ප්‍රාර්ථනා කරමි.