(රංජිත් රාජපක්ෂ)
සමෘද්ධි සහනාධාර ලබා දීම පිළිබඳව තමන් තරයේ විරුද්ධ වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.
මෛත්‍රී ගුණරත්න මහතා මේ බව කියා සිටියේ නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ අද (24) පැවති උත්සවයක් අමතමිණි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා මෙසේ පැවැසීය.
සමෘද්ධි සහනාධාරය යම් කෙනෙකුට ලබා දෙන්නේ නම් එය එක් වසරක කාල සීමාවක් සඳහා ලබා දිය බවත් එම වසර තුළ සමෘද්ධි ලාභියාට නැගි සිටීමට නොහැකි නම් එම සමෘද්ධි සහනාධාර ලබාදීම නතර කළ යුතු බවත් ඒ මහතා කීය.
ජිවිත කාලයමට සහනාධාර ලබාදීම තුළින් රටක් සංවර්ධනය කළ නොහැකි බවත් සමෘද්ධි සහනාධාර සඳහා ලබාදෙන මුදල් රටේ සංවර්ධනය සඳහා යොදවන්නේ නම් ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් මීට වඩා සංර්ධනය කළ හැකි බවත් ආණ්ඩුකාරවරයා පැවැසීය.
මේ රටේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැඩ නොකරන රාජ්‍ය ආයතනයක් බවත් එම රාජ්‍ය ආයතනය වසා දැමිය යුතු බවත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවන ලෝක යුදසමයේ ආරම්භ කළ සහනාධාර බෙදීම දැනට සමෘද්ධි ලෙසට හඳුුුුන්වනවා. මෙය බෙදන්නේ කිසියම් ආදායම් මට්ටමක අයටයි. ආදායම ඉන් වැඩිවුනොත් සමෘද්ධිය අහිමි වෙනවා කිව්වත් එක් අවිවාහක රජයේ සේවකයෙකුගේ වගාකළ ඉඩමක් හිමි වැන්ඳඹු මවටත් (අනෙක් දරුවන් සියලු දෙනාම විවාහකයි) මේ වනවිටත් සමෘද්ධිය ලැබෙනවා. මේ නිසා ආණ්ඩුකාරතුමා කියන දේ ඉතාම නිවැරදියි.
සමහර වෙලාවට පුළුවන් කාලයේ රටට යමක් කර තමනුත් ජිවත් වූ දැන් නැගිටින්න බැරි අය ඉන්නවා නම් ඒ අයට යමක් දෙන එක හොඳ නැහැ කියලද එතකොට කියන්නේ...? අද දරුවෝ ඉන්නවා දෙමව්පියන්ගේ විශ්රාමයටත් වැඩ දෙන අය...
අපගේ අදහස් වලට වැඩිදෙනෙකු අමනාප වෙනු ඇත. නමුත් එය කිව යුතුය. මහජන මුදලින් වැටුප් ලබන මෙම නිලධාරියාට අප සුදුහුණු තවරනවාද නොව මොහුගේ මෙම අදහස අප අවංකවම අනුමත කරන්නෙමු. රට සහනාධාර දීම මූලික කරගත යුත්තේ එහි කෘෂිකර්මාන්තයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට යන්න අපගේ අදහසයි. සියලුම වෘත්තීන්ට අදාළ අවම මූලික වැටුප් මෙන්ම අදාළ පහසුකම් රජයක් විසින් සලසන්නේ නම් අඩු ආදායම්ලාභීන් නොහොත් දිළිඳු රටවැසියන් රටක සිටීමට නොහැක. සහනාධාර ලබා ගැනීමෙන් පුරවැසියකු රටට ඵලදායි සේවයක් කරයිද සහනාධාර වලින් නිකං කකා බිබී ඉඳියිද යන්න අප අවංකව සිතා බැලිය යුතු නොවේද? මෙරට බිහිවූ සෑම පක්ෂයක්ම දිළිඳු ජනතාව යයි කොටසක් වෙන්කර වෙනමම රටේ මුදල් ඔවුනුන් වෙනුවෙන් වියදම් කරන්නේ තම තමන්ගේ චන්ද ගොඩ වැඩිකර ගැනීමට නොවේ යන්න අප කිසිවෙකුට සිතිය හැකිද? කෙසේ හෝ සහනාධාර ලබා දෙන්නේනම් එහි කිනම් හෝ කාලසීමාවක් සඳහන් කළයුතුම යන්න සඳහන් කිරීමටත් කැමැත්තෙමු.
මේ ආණ්ඩුකාරයෝ නොවෙයි... පාණ්ඩු කාරයෝ... අහිංසක මනුස්සයෙකුට කීයක් හරි ලැබෙනඒවා තමයි පේන්නේ...
ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනසවිය ක්‍රමය යටතේ දුප්පත් ජනතාව නගාහිටුවන වැඩපිළිවෙලක් දියත් කළා... නමුත් ඉන්පසු කිසිම පාලකයකුට එවැනි දැක්මක් තිබුනේ නැහැ. දැන් දෙන සමෘද්ධිය දෙන මිනිහට වැඩකුත් නැහැ... ගන්න මිනිහට වැඩකුත් නැහැ... දීමේ ඉවරයකුත් නැහැ. නිරපරාදේ අපේ බදුසල්ලි නාස්ති වෙනවා. කුලී වැඩකටවත් මිනිහෙක් හොයාගන්න නැහැ. නොමිලේ කනවා බොනවා රස්තියාදු ගහනවා, බුදියනවා. හැම මිනිහෙකුටම තියෙන්නේ අතපය හතරකුයි ඔලුවකුයි. තියන උනන්දුව හා කැපවීම මත තමයි දුප්පත්, පොහොසත් වෙන්නේ.., පාලකයෙක් හැටියට ඔබතුමා මේ දේ තේරුම් ගත්ත එක වටිනවා.
මේ ගොල්ලන්ට අපරාධයක් විදියට පේන්නේ දුප්පත් මනුස්සයෙක්ට දෙන සොච්චම තමයි. මේ ප්‍රාදේශීය, පළාත් සභා, පාර්ලිමේන්තුවේ ඉන්න හැත්ත බුරුත්තට ගෙවන පිං පඩි වලින් රට කොච්චර සංවර්ධනය කරන්න පුළුවන්ද?
"ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනසවිය ක්‍රමය යටතේ දුප්පත් ජනතාව නගාහිටුවන වැඩපිළිවෙලක් දියත් කළා..." ඒ කාලේ රටේ කර්මාන්ත කෘෂිකර්මාන්තය නගා සිටවලාද නැතිනම් පින්පඩි හා පිනට ගෙවල් හදලා දීලාද? දැන් දුප්පත් ජනතාව නගාසිටුවලාද? ලෝකේ කොයිරටේද හලෝ කොටසකට බදුගහලා තව කොටසකට පිනට දෙන්නේ...?
මහජනයාට බදු ගසා ඒ මුදල් පිනට දීම ගැන කතා කරනවා වගේම... ආණ්ඩුකාර ඔය කටින්ම කියන්නකෝ මහජනයාට බදු මුදල්වලින් රු 15000ක තව දීමනාවක් ලබා ගැනීම සාධාරණ නැහැ කියලා....
ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනසවිය ක්‍රමය යටතේ දුප්පත් ජනතාව නගාහිටුවන වැඩපිළිවෙලක් දියත් කළා... නමුත් ඉන්පසු කිසිම පාලකයකුට එවැනි දැක්මක් තිබුනේ නැහැ. දැන් දෙන සමෘද්ධිය දෙන මිනිහට වැඩකුත් නැහැ... ගන්න මිනිහට වැඩකුත් නැහැ... දීමේ ඉවරයකුත් නැහැ. නිරපරාදේ අපේ බදුසල්ලි නාස්ති වෙනවා. කුලී වැඩකටවත් මිනිහෙක් හොයාගන්න නැහැ. නොමිලේ කනවා බොනවා රස්තියාදු ගහනවා, බුදියනවා. හැම මිනිහෙකුටම තියෙන්නේ අතපය හතරකුයි ඔලුවකුයි. තියන උනන්දුව හා කැපවීම මත තමයි දුප්පත්, පොහොසත් වෙන්නේ.., පාලකයෙක් හැටියට ඔබතුමා මේ දේ තේරුම් ගත්ත එක වටිනවා. රටේ මේ දේවල් දෙන්න කලින් කුලී වැඩක් කරලා තමන්ගේ දරුපවුල රැකගත්තු මිනිස්සු ශරීර හොරු වුනා. උදේ ඉඳන් හම්බ කළ දෙයින් රුපියල් 50ක කසිප්පු ගහලා ඉතුරු 300 හෝ 400 ගෙදරට ගෙනාපු එකා ඒ මුදලිනුත් කසිප්පු ගහන්න සූදු කෙලින්න පටන්ගත්තා මේකෙන් ගම්වල බේබද්දෝ වැඩි වුණා තමන්ගේ කුඹුරු කෑල්ල වැඩ කරන්න නැහැ ඇහුවම කියනවා මොකටද දුක් විඳින්නේ...? ජනසවියෙන් ලැබෙන හාල් ටික ඇති මාසේ කන්න කියලා මේ සියලු දේ තහනම් කළ යුතුය. රටේ ඉන්න රැකියාවක් කරන්න බැරි අාබාධිත හා වයස 60 ඉක්ම වූ අසරණවූ දෙමාපියන්ට පමණක් මෙය ලබාදිය යුතුයි.
සමහරු නොදැන සිටියට ලොව බොහෝ දියුණු රටවල අඩු අදායම් ලාභීන්ට ජීවන ආධාර ගෙවනවා. මේ ආධාර ගෙවන්නේ වැඩි ආදායම් ලාභින් ගෙවන බදුවලින්... මේක කරන්නේ පිනටද? නැද්ද? කියලා නම් දන්නේ නැහැ. ඒත් එම මුදලින් මිනිසුන් ජීවත් වෙනවා...
බැංකුවට විදපු එක ගැන විරුද්ධ නැද්ද?
රටක දිළිඳු ජනතාව නගා සිටුවීමේ වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. නමුත් එයින් අදහස් වන්නේ නැහැ ශ්‍රම බලකායට දායක විය හැකි අයට පිනට දිය යුතු බවක්... එහෙත් ශ්‍රම බලකායට අයත් වන ස්වශක්තියෙන් නැගී සිටිය නොහැකි අයට ආධාර දිය යුතුයි. නමුත් යම් මුදලක් දීමෙන් පමණක් ඒ කාරණය ඉටුවන්නේ නැත. යම් ව්‍යාපාරයක් ආරම්භ කර දියුණු කරගැනීමට නම් කාක්ෂණික උපදෙස් හා වෙළඳපල සපයා දීමද මේ ආධාරවලට ඇතුළත් විය යුතුයි. ජනතාව නඟා සිටුවීමේ අවංක වුවමනාවක් ඇත්නම් එය සිදුවිය යුත්තේ එලෙසයි. නිකම්ම සොච්චම් මුදලක් ලබාදී දැන් නැගිටපල්ලා... නැත්නම් ඕකත් දෙන්නේ නෑ කීම අමානුෂිකයි.
බමුණො, ඇමෙරිකාවේ සහ යුරෝපයේ රටවල මේ සහනාධාරය දෙනවා.. උදාහරණයක් හැටියට ඇමෙරිකාවේ 2019 අඩු ආදායම් මට්ටම, තනි පුද්ගලයෙක් නම් $12,490 සහ දෙදෙනෙක් නම් $16,910 (ලංකා රුපියල් වලින් 21,99,144.30 සහ 29,77,343.70 ). මේ අයට ආහාර, මුද්දර සහ ගෙවල් කුලිය 80% ක් රජයෙන් ගෙවනවා. ඒ සල්ලි බදු සල්ලි... නොදන්නවා නම් 'සියල්ල දත්' වගේ කතා නොකර ඉන්න හලෝ..!
රටක පොහොසතුන් බිහි වී ඇත්තේ, ඔවුන්ර සාධාණයෙන් හෝ අසාධාරණයෙන් දුපතුන්ගේ දියුණුවට තිබු අවස්ථා ලබා ගැනීමෙනි. එබැවින්, රටේ පොහොසතුන් සැමවිටම දුප්පතුන් හට උදව් කල යුතුයි. එය ඔවුන් ස්වේච්චාවෙන් නොකරන්නේ නම්, ඔවුන්ට බදු පනවා දුප්පතුන් හට ජීවන ආධාර ලබා දිය යුතුයි.
අපගේ ප්‍රණාමය.