
(රෝෂන් තුෂාර)
වල්ලපට්ටා වගාවේ ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතාවගේ රුපියල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන කුරුණෑගල "ස්මාට් වින්" පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් තිදෙනකු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (14) නියෝග කළාය .
සැකකාර සමාගම ස්මාට් වින් නමින් පවත්වාගෙන ගිය වෙබ් අඩවියය සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් පූර්ණ විශ්ලේෂණ වාර්තාවක් කැඳවන ලෙසටද නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ වංචා විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ වල්ලා පට්ටා ව්‍යාපෘතියත් පවත්වාගෙන යන මුවාවෙන් මෙම සැකකරුවන් පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවය.
ජනතා මුදල් රුපියල් කෝටි ගණනින් බාරගෙන රුපියල් කෝටි තුන බැගින් කොමිස් ලබාගෙන ඇති සැකකරුවන් හා විත්තිකාර ආයතනයේ නිලධාරින් ඇතුළු 22 ක් ජනතා මුදල්වලින් තායිලන්තයේ විදේශ සංචාරයක ද නිරත වී ඇති බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උනන්දුවා...!