(ලසන්ත නිරෝෂණ පෙරේරා )
පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ පැතිරිගිය බාල වයස්කරුවෙකු ඉදිරිපත් කරන ලද වීඩියෝවක් සදහා උපදෙස් දුන්නේ යැයි සැකපිට රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ දි 21 හැවිරිදි තරුණයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබිය .
වේවැල්වත්ත පොලිසියේ සහාය මත සැකකරු අද ( 06) අත් අඩංගුවට ගෙන තිබේ .
සැකකරු වේවැල්වත්ත ගලබඩ පදිංචිකරුවෙකි.ඔහු සමාජ මාධ්‍ය ක්‍රීයාකාරික යෙකු සහ ජයාරූපශිල්පියෙකු ලෙසද කටයුතු කරන බව පොලිසිය පවසයි .
සැකකරු සහ සමාජ මාධ්‍ය වෙත ප්‍රච්ණඩත්වය සහිත ව්ඩියෝවක් මුදාහල බවකියන බාල වයස්කරු අතර දැන හැදිනකම් ගොඩ නැගි තිබුණේ ද සමාජ මාධ්‍ය හරහා බව වේවැල්වත්ත පොලිසියේ බුද්ධි තොරතුරු නිලධාරි ව්සින් සොයාගෙන තිබුණි .
21 හැවිරිදි තරුණයා බාල වයස්කරුට ව්ඩියෝවක් සමාජ ජාලයට මුදා හැරිම ගැන උපදෙස් ලබාදි ඇතැයි පොලිසිය අණාවරණය කරගෙන තිබුණි .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සමාජ මාධ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට
utuber Wednesday, 06 May 2020 01:07 PM
නියමයි...මහ බැංකු හොරු අල්ලන්නයි පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය අල්ලන්නයි ජාතික ආරක්ෂාව අනතුරේයි කියල යටිගිරියෙන් කෑ ගහපු වීරයෝ තමන්ගෙම කීබෝඩ් කුක්කො හදපු සිඟිති පාතලයේ ඇටිකිච්චො අල්ලන එකනෙ කරන්නෙ..
PradeepWednesday, 06 May 2020 01:45 PM
ඔබ කියපු වැරදි කරුවනුත් අල්ලන්න ඕන. නමුත් අපේ ළමා පරපුර කියන්නේ අපේ අනාගතය. ඔවුන් විනාශවෙනවා කියන්නේ අපේ අනාගතය විනාශ වෙනවා කියන එකයි. ඒ නිසා මේ වගේ දේවල් සැහැල්ලුවෙන් සලකන්න එපා.
MaheshWednesday, 06 May 2020 05:33 PM
එතකොට අර විඩීයෝ හදන උස හාදයා ගැන පියවරක් ගන්නේ නැත්තේ ඇයි? ඔහු විසින් ළමා සිත් විශාල වශයෙන් විනාශ කරලා නැද්ද ? ඔහුවත් ඇතුලට දැමිය යුතුය.
BamunuarachchiThursday, 07 May 2020 03:05 AM
ඔබත් අර සමාජ මාද්‍ය ඉදිරියේ රඟපාපු බාල වයස් කාර ළමයාත් අතර වෙනසක් මම දකින්නේ නැත.
raku Wednesday, 06 May 2020 01:27 PM
ප්‍රධාන උපදේශක ඉරාජ්ව අල්ලන්නේ නැත්තේ ඇයි....? ඉරාජ් තමයි ඔය වීඩියෝ ළමයින්ට පුරුදු කලේ.
ගාමිණී Wednesday, 06 May 2020 02:19 PM
සමාජ මාධ්‍ය මගින් ලංකාවේ තරුණ පරපුර විනාශ මුකයට යොමු කිරීමේ මුලිකයා වශයෙන් කටයුතු කලේ වර්තමාන රජයේ උපදේශකයෙකි.... ලංකාවේ සිටින වැදගත් පුද්ගලන හට මඩ ගැසීමේ කොන්ත‍්‍රාත්වල නියැලෙන මොවුන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ මොවුන් ගෝඨාභයගේ අතකොලු නිසා වන්නට ඇත. මෙවැනි සමාජ දුෂිත මඩ කරියන්ට දඩුවම් දීම වෙනුවට කුඩා අහිංසකයනට පමණක් දඩුවම් දීමෙන් පලක් නොමැත. මෙම සමාජ දුෂිත වෛරසයට දඩුවමක් ලදිමට විශේෂයෙන්ම රජය කටයුතු කල යුතුය... නොඑසේනම් රටේ ජනතාව වන අපට පෙනීයන්නේ රජය ඔවුන්ව ආරක්ෂා කරන බවකි...
sudeshWednesday, 06 May 2020 03:46 PM
ඉරජ්ව අල්ලලා කොහොමද...?
MaheshWednesday, 06 May 2020 05:34 PM
සමාජයේ මතයක් ගොඩ නැගූ ලෙස ළමා සිත් විනාශ කරන දරුවෙක් වත් නැති එම පුද්ගලයාට විරුද්ධව මතයකුත් ගොඩනගමු. ඔහු අනිවාර්යයෙන්ම සමාජයට පිලිලයක්...
MaheeWednesday, 06 May 2020 07:35 PM
අපොයි, මිනිහ සංචාරක අධ්‍යක්ෂකයෙක්. වේදිකාවල නැගල තල්ලුවක් දුන්න කියල හොඳට සැලකුම් ලබපු කෙනෙක්. ඉතින් කොහොමද එයාව අල්ලන්නේ?
Samitha Senaka Aluthgamage. Wednesday, 06 May 2020 01:31 PM
මේවා පතුරුවන්නට ඉඩදී බලා සිටින්නේ මන්ද? ඇස්කන් නොමැතිද ?
jayath Wednesday, 06 May 2020 01:57 PM
රකු ඔයාල හිතනවද මේ රටේ එහෙම වේවි කියල ? එහෙම උනා කියල ?
Champa Wednesday, 06 May 2020 02:03 PM
අනිවාර්යයෙන්ම. දරුවන්ට මේ වගේ ළමා පාතාල රැල්ලක් නිර්මාණය කරන්න උපදෙස් දීපු සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඕනේ. දන්න විදිහට නම් කෙරවලේ ඉන්නේ ආණ්ඩුවමයි. මේ දවස් වල විවිධ දේවල් උඩට ගන්න හදනවා.නමුත් රටේ බහුතර තරුණයන් ඒවා ප්‍රතික්ෂේප කල නිසා සමාජ ජාලාවල මිසක් සාමාන්‍ය සමාජයේ ඒවා නැගල ගියේ නැහැ. හැබැයි වහල් ආණ්ඩුව කාලේ ඒ රැල්ල හදපු විකෘති මනස් දැන් මේ ආණ්ඩුවේ ඉන්නේ. එදා හදාගෙන ආපු රැලි වල අලුත්ම එක තමයි මේ. ළමා පරපුරේ අනාගතය එක්ක සෙල්ලම් කරපු කිසි කෙනෙක්ට සමාවක් දෙන්න එපා.
ශාමින්ද Wednesday, 06 May 2020 02:28 PM
වහල් ආණ්ඩුව කියන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට බව ඔබ දන්නේ නැතිද..? වැසිකිලි පෝච්චි, ටකරම්, අරක්කු, කුඩ, රුපියල් 200 ,රෙදි කෑලි, වගේ අල්ලස් වහල්ලුන්ට දීලා තමයි මිනිහා චන්දය දිනුවේ... ඊට පස්සේ ආපු රනිල්ගේ ආණ්ඩුවට බැරිවුනා මහින්ද ඇතුළු හොර රල කුඩුවට දමන්න. මොකද රනිල් මහින්දව බේරා ගත්තා. මහින්දගේ කාලයේ තමයි මේ රටේ සමාජ විෂමතාවන් ගොඩක් ඇතිවුනේ. කුඩු ගෙනෙන මුදලාලියා පාර්ලිමේන්තුවට ගියටපස්සේ, බුකියා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ තව මොන කතාද?
Raveendra Wednesday, 06 May 2020 03:04 PM
අර ඉරාජ්ද? ගරාජ් ද කියන කෙනා සුද්දවන්තයෙක්ද ?
Hafeel Wednesday, 06 May 2020 08:37 PM
රටේ නීතිය කාටත් එක හා සමානයි වියයුතුයි කියන උදවිය මේකට මොනවාද කියන්නේ?
sunilgikiyanage Thursday, 07 May 2020 12:05 AM
ජනප්‍රිය කරගන්න කරන වැඩ.
Mahesh jaya Thursday, 07 May 2020 04:17 AM
දැනටම කළකම් ඵලදෙන්න පටන් අරන් වගේ.