
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේදී ලබන ජූලි 23 වැනිදා දෙවන වර කියවීමේ විවාදයට ගැනීමට නියමිත සමාගම්(සංශෝධන) පනත් කෙටුම්පත පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය හිමිවිය.
එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් විය.
වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ඇතුළු අදාල ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.
සමාගම් වල හැසිරීම, ක්‍රියාකාරීත්වය සහ වෙනත් අවශ්‍යතා සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති ප්‍රධාන නීතිය වන 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධන කිරීම මෙම සංශෝධන පනත් කෙටුම්පත මගින් සිදුවන බව පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන්හ.
“නෛතික පුද්ගලයන්ගේ අවසන් ප්‍රතිලාභී හිමිකාරීත්වය හදුනාගැනීම” පිළිබඳ සංකල්පය තුළින් ශ්‍රී ලංකාවේ සමාගම් නීතියෙහි පවතින හිඩැස් කිහිපයක් පියවා ගැනීමත් ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහාත් අවශ්‍ය සංශෝධන මේ අනුව සිදුකෙරේ.
2025 නොවැම්බර් මස 04
448
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමාගම් සංශෝධන කෙටුම්පතට කාරක සභා අනුමැතිය