IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සම සුදු කරගන්න රැල්ලට ඔබත් හසුවෙලාද?

අවයවවල හැඩය වෙනස් කරගන්න, සමේ වර්ණය වෙනස්කරගන්න, මුහුණ සුදු කරගැනීම, සඳහා කරන ප්‍රතිකාරයන්වලට මේ වන විට ලෝකය තුල ඉහළ ජනප්‍රියත්වයක් හිමිවී තිබේ.

කොහොම වුණත් දැන් මේ රැල්ලත් එක්ක ලංකාවේ හුඟක් යුවතියන් මුහුණ සුදුකරගන්න දරන උත්සහය වැඩිවෙලා. මේ සඳහා තරුණ යුවතියන්ගේ ඇබ්බැහිවීම කෙතරම් වැඩිවී ඇතිදැයි කියනවනම්, ඒ නිසාම ප්‍රසිද්ධ සමාජ ජාල ඔස්සේ ප්‍රමිතියකින් තොර සම සුදුවීමට ආලේප කරන ආලේපන ඔන්ලයින් හරහා අලෙවිකිරීමත් දැන් ජනප්‍රියතම රැල්ලක් බවට පත්වී තිබේ. ඒ පිළිබඳ වෛද්‍ය තුෂාන් බෙනරගම මහතා සමඟ සිදුකල සාකච්ඡාවයි මේ.

උපතින් ඔබට හිමි වී ඇති සොඳුරු වර්ණය ප්‍රමිතියකින් තොර ආලේපන නිසා අකාලයේ විනාශකරගන්නේ ඇයි?

ආසියාතික රටවල ජීවත්වන අපට තිබෙන්නේ බොහොම අපූරු වටිනා වර්ණයක්. බොහෝ සුදු ජාතිකයන් පවා ඔවුන්ගේ සමට මේ බිස්කට් වර්ණය එකතු කරගන්න උත්සහ කරන්නේ ඒ නිසයි. ස්වභාවික අපට හිමිවී ඇති මේ බිස්කට් වර්ණයෙන් ලස්සන වගේම, සුදු පැහැති සමකට වඩා ප්‍රයෝජන බොහෝමයක් තිබෙනවා.

එය අපටම ආවේණික වර්ණයක්. අපේ සමේ තියන මෙලනින් වර්ණයේ අඩුවැඩි වීම මත එය වෙනස් වෙනවා. නමුත් එහි ප්‍රධානම වාසිය වන්නේ හිරු එළියෙන් අපට විශේෂ ආරක්ෂාවක් සැලසීමයි. මේ වර්ණය නිසා හිරු එළියෙන් ස්වභාවිකව ආරක්ෂාවක් හිමිවෙනවා. නමුත් විදේශ රටවල සුදු සමක් තිබෙන අයට මේ ආරක්ෂාව ඇතිවෙන්නේ නැත. එය ඔවුන්ට විශාල අපහසුතාවයක්. ‘

ඒ නිසා ඔවුන්ගේ සමට අපේ සමට වඩා වැඩියෙන් ව්‍යාකූලතා ඇතිවෙනවා. ඒ නිසා ඔවුන් සමේ පැහැය දුඹුරු පැහැයට ගන්න හිරු එළියට වෙලා වැඩිපුර කාලයක් ගතකරනවා. ඒ වගේම හිරු එළිය ලැබෙන රටවලට ඔවුන් ඉතා ප්‍රියකරනවා. නමුත් විදේශිකයෝ අපේ සමේ වර්ණයට ඇලුම් කරද්දි අපේ අය සුදු වෙන්න උත්සහ දැරීම දැන් රැල්ලක් වී තිබෙනවා.

ආලේපන තේරීමේදී ප්‍රමිතියෙන් උසස් ආලේපන තෝරා ගන්න සම පැහැපත් වීම ලෙස හදුන්වන්නේ තමන්ගේ සමේ වර්ණය වෙනස්ම වර්ණයකට හරවාගැනීම නෙවෙයි. මේ උත්සහය නිසා සමහර යුවතියන්ගේ මුහුණ එක් වර්ණයක්. අතපය වෙනත් වර්ණයක් දකින්න පු`ඵවන්. එය කෘතීම ආලේපනයක් නිසා ඇතිවු පැහැයක් ලෙස හොඳින් හඳුනා ගන්නද පුළුවන්. බොහෝවිට එය ගැහැණු ළමයෙකුගේ පෞරුෂත්වය කෙරෙහිද බලපානවා. ඒ නිසා සම සුදු කරගන්න ආලේපන තෝරනවිට ඒ පිළිබඳ හොඳ දැනුමක් ඇතිකරගෙන සිටීම වැදගත්.

සම ඔපවත් කරගන්න, පෝෂණය වැඩි කරගන්න ප්‍රමිති සහගත ආලේපන ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා. ආලේපන පමණක් නෙවෙයි එන්තත් වර්ග, සැත්කම් වර්ගත් තිබෙනවා. ඒවායේ මිළ ඉතාමත් ඉහළයි. හොඳ ප්‍රමිතියෙන් උසස් ආලේපන වර්ගත් එහෙමයි. ඒවා අඩු මිළට ලබාගන්න බැහැ.

නමුත් ඇතැම් මාධ්‍යජාල තුළින් දවස් කිහිපයකින් සතියකින්, සම පැහැපත් වෙන්න ආලේප කරන උසස් නිශ්පාදන ලෙස ඔන්ලයින් ඔස්සේ විවිධ නිශ්පාදන අලෙවි කරනවා. සම සුදුකරගන්න තිබෙන සිහිනය නිසා කාන්තාවන් හුඟක් දෙනෙක් මෙවැනි නිශ්පාදන මිළදී ගනු ලබනවා. මෙය ඉතාම භයානකයි. මොකද එම භාණ්ඩ වෙනුවෙන් වගකීමක් ගන්න ආයතනයක් නැහැ.

ඒවාට යොදා තිබෙන අමුද්‍රව්‍යන්වල නිවැරදි තාවය පිළිබඳවද දැනුමක් නැහැ. සමහර වෙබ් පිටුවල තොරතුරු සත්‍ය ඒවාද නෙවෙයි. ඒ නිසා ඕනෑම ආලේපනයක් මිළදී ගැනීමේදී එහි ප්‍රමිතිය සහ වගකීම පිළිබඳ කිහිපවතාවක්ම සොයාබැලීම වැදගත්. විශේෂයෙන් අප භාවිතා කරන ආලේපනයේ රසායනික සංයුතිය පිළිබඳ දැනගැනීම වැදගත්. මේවන විට ආලේපන සඳහා පවතින ඉල්ලුමත් සමඟ වෙළඳපොළට විවිධ ආලේපන වර්ග ඇවිත් තිබෙනවා. ඒ නිසාම ඒ අතර ප්‍රමිතියෙන් උසස් තත්වයේ ඇති භාණ්ඩ වලට සමානව සොයාගැනීමටවත් නොහැකිවන සේ ව්‍යාජ නිශ්පාදනයන්ද තිබෙනවා. නමුත් දැන් තාක්ෂණය දියුණුයි. ඕනෑම කෙනෙක් ලඟ ස්මාට් දුරකතනයක් තියනවා. ඒ තුලින් නිශ්පාදන ගැන තොරතුරු සොයා බලන්න පු`ඵවන්. තමන් භාවිතා කරන නිශ්පාදනය ව්‍යාජ නොවන එකක් බව දැනගන්නේ කොහොමද? යන්න එම නිශ්පාදනය පිළිබඳ තොරතුරු සොයන්න පු`ඵවනි. බොහෝ නිශ්පාදනයන්ගේ බාර්කොඩ් එකක් අන්තරගත නිසා එයින්ද සත්‍ය තොරතුරු සොයා බලන්න පහසු වෙනවා. ඒ වගේම සම සුදු කරගන්න භාවිතා කරන ප්‍රමිතියෙන් තොර ආලේපන වලින් ඉතා කෙටි කලකින් ප්‍රථිපල ලැබුණත් එයින් දිගුකාලීනව සමට සිදුවන හානිය සුලුපටු නැහැ. සමහර විට නිරෝගීව තිබුණ ඔබේ සමට මේ නිශ්පාදනවල තිබෙන රසායනික ද්‍රව්‍ය නිසා හානි සිදුවීමට පුළුවන්. සම ඉක්මනින්ම වියපත් වීමට පුළුවන් වගේම සම මතුපිටත් ඇතුළත ඉන්ද්‍රියන් තුළටත් හදුනා නොගත් රෝගී තත්වයන් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. මොකද උසස් තත්වයකින් තොර ආලේපන සඳහා එකතුකරන සංගටක වල ගුණාත්මක බව අපි නොදන්න නිසා. සම කියන්නේ සිරුරේ නිරෝගීව තබාගත යුතු ප්‍රධානතම ඉන්ද්‍රියක් වන නිසාම දිගුකාලිනව ලස්සනට නිරෝගීව ඉන්න කැමති යුවතියන් ඒ සඳහා ආලේපන තෝරා ගැනීමේදී මොනතරම් අවධානයක් දියයුතුද යන්න ඔබට වැටහෙනවා ඇති.

අදහස් දැක්වීම ප්ලාස්ටික් ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාන් බෙනරගම

(නයනා උදයංගනී)

 



අදහස් (0)

සම සුදු කරගන්න රැල්ලට ඔබත් හසුවෙලාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 548 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 323 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site