(අංජුල මහික වීරරත්න)

සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක් පිහිටුවා ඒවායේ වැඩ කටයුතු සඳහා දිස්ත්‍රික්කයකින් තරුණ තරුණියන් සියය බැගින් බඳවා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙරටට අවශ්‍ය ආහාර බෝග මෙම තරුණ කෘෂි ගම්මානවල වගා කිරීමට අපේක්ෂිත බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මෙම ව්‍යපෘතිය සඳහා 2022 වර්ෂයේ රුපියල් මිලියන 600ක් වෙන් කර ඇති බව ද  කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුයේ ජාතික කෘෂි නිෂ්පාදන ඉහළ නංවා ගැනීමේ අරමුණ ඇතිව පවුල් සියයට වඩා පදිංචි  ග්‍රාම නිලධාරි වසම් දෙක බැගින් දිස්ත්‍රික් මට්ටමින් තෝරාගෙන කෘෂි නිෂ්පාදන ආර්ථික රටාවක් එම ගම්මාන වල ස්ථාපිත කිරිම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාව බවයි.