



(ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට මුලපුරමින් ඒ සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාව අද(27) උත්සවාකාරයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
පැමිණ සිටි පිරිස සමරු ඵලකය නිරාවරණය කරමින්, මුල්ගල තබමින් එම කටයුත්තෙහි යෙදුණු අතර, ආරාධිත පිරිසට තිළිණ ලබාදීම ද සිදුකෙරිණි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග , අධ්‍යාපන ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක, හිටපු උපකුලපතිවරු, තාක්ෂණ පීඨයේ පීඨාධිපති ආචාර්ය අසංග අමුපිටියාවත්ත, පීඨාධිපතිවරු සහ පරිපාලන කාර්ය මණ්ඩලය ඇතුලු පිරිසක් මෙයට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම්මම කට්ටිය වරුවක් වැඩ කළා නම් ගොඩනැගිල්ල හදලා ඉවර කරන්නත් තිබුණා.
එක් ගොඩනැගිල්ලක් සඳහා ඇයි මේ සියලු දෙනා මුල් ගල් තබන්නේ? බනිස් කන තරඟයක් වගේ.