(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදි කෙරුණු ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම හරි නැකතක් නොමැති වීමෙන් පමා වෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සබරගමුව වෛද්‍ය පීඨයේ සමාන්තර සායනික ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මෙලෙස තවමත් සිසු අයිතියට පවරා නැතැයි ද දිසානායක මහතා කීය.
සබරගමු, මොරටුව,වයඹ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ අධ්‍යයන ගැටලු මතුවී තිබෙන බව කී දිසානායක මහතා ඒ හේතුවෙන් සිසුන් බරපතල පීඩාවන්ට ලක්ව ඇතැයි කීය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කටයුතු 2019 වසරේදී ආරම්භ වී තිබෙන අතර පසුගිය ගිය වසර හතර ඇතුළත නියමිත පරිදි පීඨ සංකීර්ණයක් නොමැති වීම, මානව හා භෞතික සම්පත් හිඟය හේතුවෙන් ඔවුනට ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුව තිබෙන බව දිසානායක මහතා සඳහන් කළේය.මෙම ආයතනය වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට තරම් සුදුසු මට්ටමක් නැති බවට වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකය නිර්දේශ කර ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සබරගමු වෛද්‍ය පීඨයට නැකතක් හරස් වෙයි
ravin Wednesday, 10 January 2024 01:18 PM
ඕක මොකක්ද? ජාතික ගීයෙන් දේශපාලකයන්ට අපලයි කියලා ජාතික ගීය වෙනස් කරපු රටක්නේ මේක... ඊළඟට නැකතට ඡන්දෙ තියලා පැරදුණා කියලත් පහුගිය දවස්වල කිව්වනේ...
අප්පුහාමි Wednesday, 10 January 2024 01:46 PM
නැකතින් එක වැඩෙන් බිංදුව...
මැක්ස් Wednesday, 10 January 2024 01:48 PM
ඕවා මොනවාද අප්පා.., ජෙප්පෝ නිසා සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම අවුරුදු ගණන් වහලා තිබුණේ. දැනුත් අධ්‍යාපනය කඩාකප්පල් කරන්නේ ඒ අයමනේ...!
sachithWednesday, 10 January 2024 03:02 PM
ජෙප්පන්ට එච්චර දෙයක් දෙයක් කරන්න පුළුවන් නම් ඔයාලගේ හාමුලයි, ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග අරගෙන ඒවා නැවැත්තුවේ නැත්තේ? රටේ අධ්‍යාපනය වලපල්ලට යන එක වළක්වන්න තිබුණනේ...!
සෙනෙවිරත්න Wednesday, 10 January 2024 03:44 PM
හාමුට ඡන්දේ දීලා ජවිපෙ ලව්වා කරවා ගන්නද හදන්නේ? රටටම හෙන ගැහුවත් ජවිපෙට දොස්කියන එක තමයි සමහර වහලුන්ගේ කාර්ය, හැබැයි මීළඟ ඡන්දෙදී ජනතාව හරි තීන්දුව ගන්නවා... ඒක ඔය අපහාසවලට නතර කරන්න බැරිවෙයි...!
නිමල් Wednesday, 10 January 2024 04:14 PM
ජෙප්පන්ගෙන් හා පෙරෙට්ටන්ගෙන් විශ්වවිද්‍යාල සිසුන් ආරක්ෂා වීමට නම් හොඳ නැකතක් තිබුණොත් හොඳයි. හැබැයි වෛද්‍ය පීඨයට නිසා ලොකු අවුලක් නැහැ. මොකද ඉංග්‍රීසි බැරි නිසා ඔවුන් එහේ යන්න බයයි.
Bamunuarachchi Thursday, 11 January 2024 04:32 AM
හූනෙක් වත් ගියාද?