
(අංජුල මහික වීරරත්න)
ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ජුලි 27 සිට 31 දක්වා සුපිළිපන් සතිය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කිරිම සඳහා සියලුම රාජ්‍ය ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන පරිදි එම සතියේ සිට ඉදිරියට මෙම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක විය යුතුය.
පුරවැසි ආචාරධාර්මික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා සමාජය පුරා පැතිරුණු සුපිළිපන් සංස්කෘතියක් මත පදනම් වූ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම මෙම ජාතික සුපිළිපන් සතියෙන් ආරම්භ වේ.
සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය කාර්යක්ෂමතාවය සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යූහයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛතම අභිලාෂය වී ඇති අතර එම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති කාර්යාලය කියයි.
සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක්, සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවයක්, මානව ගරුත්වයෙන් පිරි සුපිළිපන් සමාජයක්, සුපිළිපන් පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයක්, සුපිළිපන් තිරසාර හරිත සංස්කෘතියක් යන තේමා ඔස්සේ මෙම වැඩසටහන සුපිළිපන් සතිය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd