(සිතුම් චතුරංග)
වගාවන් සඳහා සකස්කළ පැරණි ඉඩමක් බැලීමට ගිය අවස්ථාවේ එම භූමියේ තිබු කිසියම් පුපුරණ ද්‍රව්‍යක් පිපිරීමෙන් 16 හැවිරිදි සිසුවියක තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි පලෙයි පොලිසිය පවසයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණදීම සඳහා සූදානම්ව සිටි තුවාල ලැබූ සිසුවිය සිය මව හා පියා සමඟ ඉඩමේ ගමන් කිරීමේදී එලෙස පිපිරීමෙන් තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය.
පොලිසිය පැවසූවේ කිලාලි විද්‍යාලය අසළ ඉඩමක අදාළ පිපිරීම සිදුව ඇති අතර, තුවාල ලැබු දැරිය කිලිනොච්චිය රෝහල වෙත ඇතුලත් කොට ඇති බවයි.
පිපිරීමෙන් දැරියගේ වම් පාදය තුවාල ලබා ඇති අතර පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත යොමුකොට ඇති බවද පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd