
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීන්දු කර තිබේ.
රජය මෙම තීන්දුවට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ය.
ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සතිපතා සමාලෝචනයක් කිරීමට ද මෙහිදි තීන්දු වී තිබේ. එසේම මේ වන විට භාණ්ඩ 286 ක ආනයන තහංචි ඉවත් කර ඇති අතර වාහන ද ඇතුළුව තවත් භාණ්ඩ 930ක ආනයන තහංචි පෙර පරිදිම ක්‍රියාත්මක වේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 500 ක් ආනයන තහනම් කාණ්ඩයේ පැවැති අතර ඉන් 250 ක ආනයන තහනම ඉවත් කිරීමට රජය පියවර ගනු ලැබීය.
ඒ අනුව මේ වන විටත් ආනයන තහංචි පනවා ඇති භාණ්ඩ ලබන සැප්තැම්බර් මුල් සතිය වන විට අදියර දෙකකින් ඉවත් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත.
ඉන් පසුව වාහන ආනයන තහනම ඉවත් කිරීම ගැන සලකා බැලෙන අතර එයද උපාය මාර්ගික සැලසුමක් අනුව සිදු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබේ.
පළමුව ඉලෙක්ට්‍රික් වාහන ආනයන තහංචි ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2019, 2020 ලොකු ලොකු එවුන් ගත්ත වාහන වලට අවුරුදු 5 පිරෙන කොට,2025 දී තහනම ඉවත් කරලා හොඳ ලොකු වන්දි ටිකක් මෙහෙට ගෙනත් ආයෙත් මාස 3- 6 වාහන ගෙනල්ලා තහනම් කරනවා
නැවත දොර විවෘත කිරීමේදී, 1977 වගේ වක්කඩ කැඩුව වගේ නැතුව, සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවයටත් ව්‍යවාසයකයින්ගේ අවශ්‍යතාවයටත් පිටතින් දේවල් ගෙන්වීමෙන් වැලකීම අත්‍යවශ්‍යයෙන්ම කලයුතුයි. වාහන ගෙන්වීම නොකලත් වාහන අලුත් වැඩියා කිරීමට අවශ්‍ය දෑ මෙන්ම පරිඝනක සහ උපාංග ගෙන්වීමත් කාලින අවශ්‍යතාවයකි.
ගොඩක් හොඳ තීරණයක්... ගම්මිරිස් ඇටේ ඉඳලා පිටරට ගෙන්වමු. අපිට එතකොට ටීවී එකේ ෆිල්ම් එකක්, ඩ්‍රාමා එකක් බලලා සන්තෝසෙන් ඉන්න පුළුවන්. රටක් ගොඩයන්න නම් මේ වගේ බුද්ධිමත් තීරණ ගන්න ඕනෑ. අපේ ළමයින්ටත් නිකන් ඉඳලා රටින් ගේන දෙයක් කාලා ඉන්න පුළුවන්...
කර්මාන්ත සහ ඉදිකිරීමේ කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නැතිවුණොත් ආර්ථික වර්ධනයක් වෙන්නේ නැහැ. මේවා ඇනවුම් කරන්න සැප්තැම්බර් වෙනකම් වෙන්න බැහැ. අඩුම වශයෙන් අගෝස්තු මාසෙවත් මේවා ඇණවුම් කරන්න ක්‍රමවේදයක් සකස් කරන්න... වාහන අමතර කොටස් වලත් විශාල හිඟයක් තිබෙනවා.
එතකොට ඩොලරය නහුතෙට නගී. බඩුමිල වැඩිවෙයි. උද්දමනය ඉහලට. නැවත ආනයනය සිමාවෙයි. Dear Lisa dear Lisa there is a hole in the bucket සින්දුව මතක් වෙනවා.