IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සිනෝෆාම් එන්නත් බාර ගන්න ජනපති කටුනායකට

 

(සුජිත් හේවාජූලිගේ, ටී.කේ.ජී.කපිල )

චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සිනොෆාම් එන්නත් තොගය බාර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා අද (31)  කටුනායකට ගියේය.

චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආවේය.

කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේදී නිල වශයෙන් චීන තානාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් එම එන්නත් තොගය බාර දුන්නේය.

විශේෂිත ශීතකරණ පහසුකම් යටතේ ගබඩා කොට තිබෙන අතර , ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගුවන්තොටුපල ආනයන ස්ථාපිත කළ ශීතකරණවල ගබඩා කර තිබේ.

අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත වේද අංශයේ ගබඩා වෙත විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් රැගෙන යාමට නියමිතය.

මෙම එන්නත් තොගය බාර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු විශාල පිරිසක්ද ශ්‍රී ලංකාවේ චීන තානාපති  ඇතුළු නිලධාරිහු පිරිසක් ද ,ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.



අදහස් (0)

සිනෝෆාම් එන්නත් බාර ගන්න ජනපති කටුනායකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 691 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17841 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site