
(යොහාන් භාසුර)
රුපියල් කෝටි 20 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝ 17 ක්, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය අද (03) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.
රත්තරන් තොගය බිස්කට් 160කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත විය.
රත්තරන් සමග කටුනායක ගුවන්තොටුපලේ සේවය කරන මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සනීපාරක්ෂක සේවකයකු අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයා එම රත්තරන් තොගය වැසිකිළියක තිබිය ලබාගත් බවත් එය ලබා දුන් පුද්ගලයකු පිළිබඳ ඔහු නොදන්නා බවත් ප්‍රකාශ කර ඇති බව රේගු දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කවුදෝ කාටදෝ මැණික් මල්ලක් ගෙනත් දුන්නා වගේ මෙයාටත් කවුදෝ ගෙනත් දෙන්න ඇති. හැබැයි එයාට නොලැබුණු දඬුවමක් මෙයාට නම් ලැබෙයි.
ඕක මොකද්ද? සමහරුන්ට කෝච්චි වල තිබිලත් රත්තරන් හම්බවෙලා තියෙන්නේ.. බලන්නකෝ ඒ කට්ටිය දැන් ඉන්න තැන... අද සනීපාරක්ෂක සේවකයෙක් වුණාට මෙයා වයස 56 වෙද්දී මොන මොන තනතුරක් දරයිද කියලා කියන්න පුළුවන් කාටද? ඒ නිසා කරන දෙයක් පරෙස්සමෙන් ඔන්න. මොන අපරාධය කළත් සමහරු "නිදොස් කොට නිදහස්වෙන" රටක් මේක...
මේවා ශ්‍රී ලංකාවේ රේගුව විනාස කරලා දානවද?
මට තියෙන ප්‍රශ්නය ඔය අල්ලන වටිනා කියන දේවල් බහිරවයා ගිලිනවද? එහෙමත් නැත්නම් මත්කුඩු වගේ වාෂ්ප වෙලා යනවද කියන එකයි.
අපේ සර්ලාගේ පරම්පරාවලට මැණික් මලු ලැබෙනවා. රත්තරන් ලැබෙනවා. අනුන්ගේ දේපල ලැබෙනවා. අපේ රටට තමයි එයාලගෙන් වාසනාව එන්නේ..
ඔය රත්තරන් හංගලා තියලා ටික ටික විකුණන්න එපෑයෑ.. මෝඩකමනේ...
සනීපාරක්ශක සේවකයා හරිම අවංකයි. තොගයම නිලදාරීන්ට භාර දුන්නනෙ හැබයි අරය දුන්නෙ නැහැනෙ දුකයි
අපරාදේ සේවකයාව අත්අඩංගුවට ගත්තේ.. රත්තරන් තොග අරන් යන්න තිබුණේ. දිගටම සෙවිල්ලෙන් උන්නා නම් රටේ ණය බරින් නිදහස් වෙන්න මේ සේවකයන්ගෙන්ම මගපාදාගන්න තිබුණා...
රේගු මත්ද්‍රව්‍ය නිලධාරිනියන් හිටියා නම් තමයි වැඩේ.. එහෙම වුණානම් ඔය පින්තූර වෙනස් වෙනවා. පව් දෙයියනේ..