IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සනීපාරක්ෂක සේවකයා ළඟ කෝටි 20ක රන්

(යොහාන් භාසුර)

රුපියල් කෝටි 20 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝ 17 ක්, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය අද (03) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

රත්තරන් තොගය බිස්කට් 160කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත විය.

රත්තරන් සමග කටුනායක ගුවන්තොටුපලේ සේවය කරන මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සනීපාරක්ෂක සේවකයකු අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයා එම රත්තරන් තොගය වැසිකිළියක තිබිය ලබාගත් බවත් එය ලබා දුන් පුද්ගලයකු පිළිබඳ ඔහු නොදන්නා බවත් ප්‍රකාශ කර ඇති බව රේගු දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවසීය.



අදහස් (10)

සනීපාරක්ෂක සේවකයා ළඟ කෝටි 20ක රන්

Pradeep Saturday, 03 April 2021 07:48 AM

අර කවුදෝ කාටදෝ මැණික් මල්ලක් ගෙනත් දුන්නා වගේ මෙයාටත් කවුදෝ ගෙනත් දෙන්න ඇති. හැබැයි එයාට නොලැබුණු දඬුවමක් මෙයාට නම් ලැබෙයි.

:       6       49

Hafeel Saturday, 03 April 2021 02:02 PM

ඔබ ඉතා නිවැරදියි. හැබැයි රවී කරුණානායකගෙනුත් මෙයා යමක් ඉගෙන ගෙන තියන්නේ. එයා දන්නේ නැතිලු කව්ද දුන්නේ කියලා...

:       2       22

siri Saturday, 03 April 2021 08:03 AM

ඕක මොකද්ද? සමහරුන්ට කෝච්චි වල තිබිලත් රත්තරන් හම්බවෙලා තියෙන්නේ.. බලන්නකෝ ඒ කට්ටිය දැන් ඉන්න තැන... අද සනීපාරක්ෂක සේවකයෙක් වුණාට මෙයා වයස 56 වෙද්දී මොන මොන තනතුරක් දරයිද කියලා කියන්න පුළුවන් කාටද? ඒ නිසා කරන දෙයක් පරෙස්සමෙන් ඔන්න. මොන අපරාධය කළත් සමහරු "නිදොස් කොට නිදහස්වෙන" රටක් මේක...

:       2       46

mohomed Saturday, 03 April 2021 09:59 AM

මේවා ශ්‍රී ලංකාවේ රේගුව විනාස කරලා දානවද?

:       1       18

විපරමා Saturday, 03 April 2021 10:36 AM

මට තියෙන ප්‍රශ්නය ඔය අල්ලන වටිනා කියන දේවල් බහිරවයා ගිලිනවද? එහෙමත් නැත්නම් මත්කුඩු වගේ වාෂ්ප වෙලා යනවද කියන එකයි.

:       1       20

pradeepa Saturday, 03 April 2021 11:06 AM

අපේ සර්ලාගේ පරම්පරාවලට මැණික් මලු ලැබෙනවා. රත්තරන් ලැබෙනවා. අනුන්ගේ දේපල ලැබෙනවා. අපේ රටට තමයි එයාලගෙන් වාසනාව එන්නේ..

:       4       23

Anwar Saturday, 03 April 2021 11:26 AM

ඔය රත්තරන් හංගලා තියලා ටික ටික විකුණන්න එපෑයෑ.. මෝඩකමනේ...

:       1       10

sarath perth Saturday, 03 April 2021 01:09 PM

සනීපාරක්ශක සේවකයා හරිම අවංකයි. තොගයම නිලදාරීන්ට භාර දුන්නනෙ හැබයි අරය දුන්නෙ නැහැනෙ දුකයි

:       4       12

CHANDIMA Sunday, 04 April 2021 03:02 AM

අපරාදේ සේවකයාව අත්අඩංගුවට ගත්තේ.. රත්තරන් තොග අරන් යන්න තිබුණේ. දිගටම සෙවිල්ලෙන් උන්නා නම් රටේ ණය බරින් නිදහස් වෙන්න මේ සේවකයන්ගෙන්ම මගපාදාගන්න තිබුණා...

:       0       2

Samantha Perera Nalladarankattuwa Sunday, 04 April 2021 02:35 PM

රේගු මත්ද්‍රව්‍ය නිලධාරිනියන් හිටියා නම් තමයි වැඩේ.. එහෙම වුණානම් ඔය පින්තූර වෙනස් වෙනවා. පව් දෙයියනේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site