
(අංජුල මහික වීරරත්න)
මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් දියත් කිරීම අද (14) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි
ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකාය, බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රධාන ඉන්ධන සපයන්නන් සිව් දෙනෙකු වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC), ලංකා IOC PLC (LIOC), සිනොපෙක් එනර්ජි ලංකා (පුද්ගලික) සමාගම සහ RM පාර්ක්ස් (පුද්ගලික) සමාගම අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරනු ලැබීය.
මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් පිරිසිදු, ආරක්ෂිත සහ දුබලතා ඇති පිරිස් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි සනීපාරක්ෂක පහසුකම් සහිත ස්ථාන බවට පරිවර්තනය කිරීම අරමුණු කෙරේ.
ඒ අනුව වසර තුනක කාලයකදී මහජනතාව වෙනුවෙන් නවීන සනීපාරක්ෂක පහසුකම් සහිත ස්ථාන 540ක් ස්ථාපිත කිරීම ඉලක්ක කර ඇත. ඒ අතරින් 2025 වසර අවසන් වන විට ස්ථාන 100ක් සම්පූර්ණ කිරීමට නියමිතය.
තිරසාර මහජන සේවාවක් සැපයීමට මෙමගින් හැකියාව ලැබෙන බවත් "ක්ලීන් ශ්‍රී ලංකා" ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී කියා සිටියේය.
රාජ්‍ය සහ පුද්ගලික සහයෝගීත්වයෙන් මෙරටට වඩාත් ප්‍රතිඵලදායක සේවාවක් ලබා දිය හැකි බවට මෙය හොඳ උදාහරණයක් බවත් ඉදිරියේදී සුපිරි වෙළෙඳ සැල් වැනි පෞද්ගලික ආයතන මගින් තවදුරටත් මෙම වැඩපිළිවෙල ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති ලේකම්වරයා සදහන් කළේය.
මෙය ගිවිසුමක් පමණක් නොව පිරිසිදු සෞඛ්‍ය සම්පන්න හා සාඩම්බර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සිදු කරන පොරොන්දුවක් බවද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු මහත්වරු ඇතුලු ප්‍රධාන ඉන්ධන සපයන සමාගම්වල ප්‍රධානීහුද ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානීහු ද මෙම අවස්ථාට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ආණ්ඩුව විසින් සැලසුම් අනුමත කොට ක්‍රියාත්මක කිරීමට තිබූ තවත් ව්‍යාපෘතියක්. ක්ලීන් ශ්‍රී ලංකා කියලා හරි කමක් නෑ වැඩේ කරන්න.
ඔය දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන වලිනුත් මොනවා හරි වැඩක් ගන්න බලන්න.
Coffee shop, Restaurant වැනි ව්‍යාපාර ස්ථාන ආරම්භ කිරිමට ඉඩ ලබාදීමට සැලසුම් කරන්න!
ක්ලීන් ශ්‍රි ලංකා මහ බොරුවක්....මේ ව්‍යාපෘතියත් සුද්ද කිරිම පමනක් කරන වැඩක්.කාටත් අමතකයි මේ වැඩසටහනේ තවත් අංගයක දෙකක් තියෙනවා.එකක් සමාජීය හා ethically කියලා.මෙකේ එතිකලි කියන්නෙ රාජ්‍ය නිලදාරනිගේ සදාචාර සම්පන්න බව.අවංක බව.කාර්යක්ෂම බව.කියන්න ලැජ්ජයි මේක කරන ඔය රසල් කියන හාදයා ඇතුලු තව දෙන්නෙක් ඉන්නවා ඕක ඇතුලේ.මෙලෝ රහක් නැති චරිත.මුන් තුන්දෙනා කරන්නෙ වැඩ කරන අවංක රාජ්‍ය නිලදාරින් සංචිතයට දාලා මුනගේ හෙංචයියන්ව දානවා.එහෙම දාපු එකෙක් තමයි අර ඌව ප්‍රධාන ලේකම්.පොර තමයි අසුචි නැවට සල්ලි ගෙවලා දැන් හිරේ ඉන්නෙ.ඔන්න රසල්ලාගේ වැඩ.තව සබරගමු ප්‍රධාන ලේකම් මාරු කරලා දාපු කාන්තාව ඒකට දැම්මා කියලා ආරංචි වුනාය පරිපාලන නිලදාරනි ඔලුවෙ අත ගහගත්තා.එයාගෙ මහත්තයා ලුනුලමුවෙහෙර ප්‍රාෙද්ශිය සබාවේ සබාපති අලියගේ පක්ෂයෙන්(හිටපු)එයා ගැන දන්නවා මහ්බන්තොට පැත්තෙ අය.කොච්චර දුෂන කරත් එයා වර්තමාන ජනපති ලේකම් හෙවත් හොතඹුවගේ නෑයෙක්ලු.....තව වයඹ හිටියා දක්ෂ ප්‍රධාන ලෙක්ම් කෙනෙක් එයත් අයින් කරලා මේ රසල්ලා දැම්මා ජවිපෙ පොරක්.මිනිහා පාසල් වලට ලමයි දාන්න විස්කි බෝතලයක් ගන්නවා....මස්සිනා රියදුරු පිදිහට දාගත්තා.
අපොයි මොවුන්ද දන්නේ නැහැ... ලංකාවේ ෂෙඩ් එකක් දානකොට තියෙන නීතිය. නීතිය තමයි පොදු පහසුකම් ටිකත් තියෙන්න ඕනෑ. නමුත් පෙට්‍රෝලියම් එක ඒ ටික සම්පූර්ණ කරලද කියලා දැන් හොයලා බලන්නේ නැහැ. නමුත් ෂෙඩ් එක දානකොට ඒ ටික තියෙන්න ඕනෑ දැන් මේ කරන්නේ මොවුන් මේක අලුතින් පටන් ගන්නවා වගේ පෙන්වන්න. අනුරත් අන්දන සීන් එකක් මේක. මේකට දැන් ගාණක් ෂුවර් එකටම යටි මඩි ගහ ගන්නවා රසල්ලා... මේක අලුත් සංකලපයක් නොවේ. ක්ලීන් ශ්‍රී ලංකා එක අනුන්ගේ වැඩකට උප්පැන්නය දෙන්න හදන්නේ...
ඕවා රජයන් මගින් ඇගිල්ලෙන් ඇනලා "කරපල්ලා", කියන්න ඕන වැඩ කටයුතු නොවෙයි ! පලාත් පාලන ආයතන මෙම කරුණු කාරණා ගැන මීට වඩා සැලකිලිමත් වියයුතු වෙනවා. අයබදු, වරිපනම් බදු ආදී එකී මෙකී නොකී බදු මුදල් වලට අමතරව පගා ගැහිලි, කොමිස් ගැහිල්ලෙන් උපයාගන්නා අසාධාරණ ධනයෙන් සොච්චම් කොටසක් හො මහජන සනීපාරක්ෂක පහසුකම් වර්ධනය කිරීම ආදි කටයුතු වෙනුවෙන්, අළුතින් පත්වූ පුංචි මන්ත්‍රී වරුන්ට කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා පතමු !
විදුලි බල මණ්ඩලය clean කරපූ. LTL HOLDINGS හොර හැතිකරය දොන් Clean Sri Lanka බෝර්ඩ් එක ගහගෙන. ඇග හිරි වැටෙනවා අප්පා.