
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කර ව්‍යාපාර කිරීම සඳහා චීනයේ ‘සිනොපෙක්’ සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට අස්සන් තැබීය.
එම ගිවිසුමට අනුව ‘සිනොපෙක්’ සමාගම ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ අළෙවිය ඇතුළු ඛනිජ තෙල් ව්‍යාපාරය සඳහා ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කිරීමට නියමිතය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් පවත්වාගෙන ගිය පෞද්ගලික ඉන්ධන අලෙවිසැල් 150 ක් සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් මෙම ව්‍යාපෘතිය යටතේ ‘සිනොපෙක්’ සමාගමේ පාලනය යටත් වේ.
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ ‘සිනොපෙක්’ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල තීරණය කිරීමේ බලය ද බලශක්ති අමාත්‍යංශය යටතේ පවතින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලෙක ඉඳන් කියනවා..., අර ගිවිසුම අත්සන් කළා, මේක කළා කියලා කවදද ඕක විවෘත කරන්නේ?
සිනොපෙක් එකෙන් කොමිස් අරන් ඉන්ධන මිල සිනොපෙක් එකට ඕන විදියට තීරණය නොකලොත් මේක ලංකාව නෙමේ. ඔය ආනයනික ඖශධ වලත් මිල තීරණය කෙරෙන්නේ එහෙමලුනේ...