
(යොහාන් භාසුර)
මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගම් දෙක වන සිනෝපෙක් සහ අයි.ඕ.සී. යන සමාගම් දෙක ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලට අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන අළෙවි කරන බව නිවේදනය කළේය.
ඒ අනුව එම සමාගම දෙක අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පදිරි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලට එම සමාගම්වල ඉන්ධන මිල ද සමාන කළේය.
ඩීසල් ලීටරයක් රුපියල් 329 කට, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 346 කට, භූමිතෙල් ලීටරයක් රුපියල් 247 කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 426 කට සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 434 කට එම සමාගම් දෙක ද අළෙවි කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාටක ආර්ථික විශාරදයෝ මෙලෙස සමාගම් ගොඩක් ආවහම තරඟ කාරීත්වය නිසා පාරිබෝගිකයින්ට අඩුවට තියන ෂෙඩ් එකකින් තෙල් ගහගන්න පුළුවන් වෙනවා කියුව නේද ? අන්තිමට මෙතැන වෙලා තියෙන්නේ ආණ්ඩුවට තෙල් ගෙන්න සල්ලි නැති නිසා ඒවා පිටරට සමාගම් වලට විකුණලා ඒ ගොල්ලෝ ලංකාවේ තියන රුපියල් ටිකත් එකතුකරගෙන යන එක විතරයි ,ඊට පස්සේ රනිල්ටනම් වැඩි වැඩියෙන් තව ණය ඉල්ලා ඉල්ලා ලෝකේ වටේ යන්න පුළුවන්
සිනොපෙක් එනකොට කිව්ව තරගකාරි මිල මේක වෙන්නැති නේද? කොන්ඩේ බැදපු චින්නුන්ටත් රුවටෙන හා අපිවම රවටන ජාතියක් සක්‍රයා
රටේ ඉන්ධන විකිණීමේ ඒකාධිකාරිය පුද්ගලික විදේශ ආයතන වලට විකුණා දැමීමෙන් පසු තරඟකාරී මිලක් ඇතිවී එහි වාසිය ශි ලංකාවේ පාරිභෝගික ජනතාව වෙත ගලාගෙන ගලාගෙන අන්තිමට පිට උගුරෙත් ගොස් ඉස්මුරුත්තා තත්වයක් පවා ඇතිවන බව දැන් ඉතාම පැහැදිලිව පෙනෙන්නට ඇත. එබැවින් දියවන්නාවේ සුපිරි මොළ සහ කටවල් කියන පරිදි විදුලිය ජලය වැනි දේවල් වලටද මේ අකාරයටම ඉදිරියේදී ක්‍රියාත්මක විමට ඉඩහැර ඊට ලක්වාසී සැමගේම ආශිර්වාදය ලබාදී සෙත් පතා සියලු වාසි සහගත් තත්වයන් ලබා ගැනීමට යුහුසුළුව කටයුතු කල යුතුව ඇත.
කෝ අර කිව්ව තරගකාරී මිල ආයුබෝවන්...?
ඇමති කලින් කිවුවේ ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියන් ඔයිල් සමාගම, සයිනොපෙක් සමාගම හොද තරගකාරිත්වයක් ඇති වෙයි කියලා නමුත් එහෙම කිසිම දෙයක් වෙලා නැහැ ඔක්කොම ඒවා වල එක සමානයි, මේකෙන් උනේ ආණ්ඩුවේ ලොකු ලොකු එවුන් මේ සමාගම් වලින් ප්‍රකෝටි ගණන් අල්ලස් අරගෙන පිටරට බැංකු වලට ඒ සල්ලි පොම්ප කරපු එක විතරයි
හොර ඇමතියට ගානක් ගිහින් තමයි සිනොපෙක් ආවේ. 226 ටම සහ උන්ගේ හතර වරිගෙටම ශාප වේවා !!!