(දෙණියාය විශේෂ එස් ඩී කොඩිකාර )

කො⁣ළොන්න ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බුත්කන්ද බොරළුවගේ අයින ගමෙි අක්කර තිහක වන වගා භූමියක් ගිනි තබා විනාශ කර ඇතැයි ගම්වාසීහු පවසති.

බුත්කන්ද ප්‍රාථමික රෝහලට ඉහළින් පෞද්ගලික වතු යායකට යාබදව මෙම වන වගා කළ භූමිය පිහිටා ඇත. රජය ලක්ෂ ගණනක් වියදම් කර මෙහි වන වගාව සිදු කර ඇති බව ගම්වාසීහු පවසති.

ඉතා අලංකාර ලෙස වැඩී තිබූ වන වගාව පැය කිහිපයක් ඇතුළත දැවී අළු වී ගිය බවත් වන වගා භූමිය සංරක්ෂණය කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතුව තිබෙන බවත් ප්‍රදේශවාසීහු කියති.