(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජයට රුපියල් මිලියන 16763ක් අහිමි කළ සීනි බදු වංචා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව කෝපා කමිටුවේ සභාපති සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා රජයේ ගිණුම් කාරක සභාවේ පළවෙනි දෙවෙනි හා තෙවැනි වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.
සීනි බදු පිළිබඳ වාර්තාවේ විගණකාධිපති නිරීක්ෂණ දහ තුනක් තිබුණ අතර එයින් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් මිලියන 16763ක ප්‍රමාණයක් යැයි ද සීනි බද්ද සත 75 කින් අඩු උනාට සීනි මිල ඒ හා සමානව අඩු වුණේ නැති වීම නිසා පාරිභෝගිකයින්ටත් විශාල පාඩුවක් සිදු වු බව මන්ත්‍රීවරයා කීය.
මෙම තත්ත්වය යටතේ සීනි ආනයනය 200% කින් පමණ වැඩි වුණ බවද විගණකාධිපති නිරීක්ෂණ 13 පදනම් කරගෙන අපරාධ විමර්ශන ඒකකයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපතිවරයා කෝපා කමිටුව හරහා දැනුම් දී තිබුණ බවද කබීර් හෂීම් මහතා පැවසීය.
පරීක්ෂණයක් සඳහා අවශ්‍ය සියලුම සාක්ෂි තොරතුරු කමිටුව හරහා ඉදිරිපත් කර තිබෙන අතර පරීක්ෂණ වාර්තාව ලබා ගෙන එහි පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවද කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සීනි බදු වංචාව ගැන කෝපා වාර්තාව මැතිසබයට
sharm warn Monday, 05 December 2022 02:31 PM
හා... බලමුකෝ දැන් මේකේ කොමිස් කාපු අයට දඬුවම් ලැබෙයිද කියලා..