
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පසුගිය ආණ්ඩු යටතේ ඇතැම් කාල වල යුරෝපීය ගවයන් ගෙන්වීමේදී ඔවුන්ට අවශ්‍ය පෝෂණ තත්ත්වයන් ලබා ගැනීම සඳහා අදාළ තණකොළ වන්නේ නැතිව ගවයන් ගෙන විත් තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව දිසානායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීය.
'ගවයා කියන්නේ ආසියා සංස්කෘතියේ වන්දනීය සතෙක්.හින්දු භක්තිකයන් ගවයා පූජනීය සතෙක් ලෙස සලකනවා.ශ්‍රී ලාංකික භූමියේ දේශගුණය රටාව තුළ ලෝකයේ ඕනෑම ගවයෙක් ඇති කරන්නට හැකියාව තිබෙනවා.අප අද ඉදිරිපත් කරන්නේ 2014 සිට මතුවූ තත්ත්වයක්.
එවකට මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට අනුව මේ කිරි ගවයන් විසිදාහ ආනයනය කරන්න යෝජනා වී තිබුණා.2018 දී මේ කටයුතු ආරම්භ කර තිබෙනවා.මේ සඳහා අත්තිකාරම් දුන්නත් කිසිම හරකෙක් ලංකාවට ගෙනත් නෑ.ඒ වගේම ඇතැම් කාල පරාසවල යුරෝපීය ගවයන් ගෙන්වීමේදී ඔවුන්ට අවශ්‍ය පෝෂණ තත්ත්වයන් ලබා ගැනීම සඳහා අදාළ තණකොළ වන්නේ නැතිව ගවයන් ගෙන විත් තිබෙනවා.ලංකාවේ 75000 ක් පමණ කිරි ගව පාලනයෙන් යැපෙනවා.ඊළඟ අයවැයේදී කිරි ගව පාලනය සාර්ථක කර ගන්න මුදල් වෙන් කිරීමට කටයුතු කරනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 76ක් තිස්සේ රටකාපු තක්කඩි හැතිකරෙගේ ඉඳුල් කාලා, මෙතන උදේ-හවස වැළලෙන බත්කන හරක් රංචුවකුත් ඉන්නවා . උනුත් රටින් ගෙන්නපු හරක් තඩියෝ වෙන්න ඇති, මයේ හිතේ.
ඇත්ත ඔය හරක් වැඩෙන් අපිට අක්කර දහයක ඉඩමක් නැති උනා. පව් ගෙවන්න
ගවයන්ට තියා ලොන්ඩරි කාරයින්ට කන්නවත් තණකොළ නෑ දැන්.
කුකුළා කියලා නමින් ඇවිත් අදහස් පළකරන්නෙත් ඩෝබි ආනන්දම තමයි.
මේවා නිකන් අති පණ්ඩිත කතා. තණකොළ වැව්වානම් කියාවි තණකොළවලට මිලියන ගාණක් ගියා කියලා. කයිය නායකලා කියන්නේ නිකන්ද?
ඔය තියෙන්නේ මරා හොරා (හරක් පට්ටිය) ගහපු තවත් ගැහිල්ලක් ! හරක් ආනයනය අත්තිකාරම ෂුවර් එකටම ගියේ, මැදමූලන පට්ටියේ නාම්බෙකුගේ/නෑම්බියෙකුගේ විදෙස් ගිණුමකට බව අමුතුවෙන් කියන්න ඕනෑද? හරකුන්ට නැති, ගහන්න දන්නා මොල, මෙම පට්ටියට සහජයෙන්ම පිහිටා තිබෙනවා.
ඕක ඉතින් මහ ලොකු ප්‍රශ්නයක් කර ගන්න එපා. කොමිස් ගහගන්න පුළුවන් විදියකට, අසූචි පොහොර නැව් ගෙනාවා වගේම, රට තණකොළ නැව් කිහිපයක් ගෙන්වා ගත්තා නම් වැඩේ ඉවරයිනේ...! ඊට පස්සේ රට ගොන්නු කාලා ඉතුරු වෙච්චි රට තණකොළ, අපේ රටේ ඔය ගොන්, තණකොළ බිස්නස් එක ජයටම කරපු, කකුල් දෙකේ, බත් කන ගොන්නුන්ටත් කන්න දෙන්න තිබුණානේ! පව්... අනේ... පව්...!
සුද්දෙක් කවලන් වෙලා ජාතක වෙච්චි ඉංග්‍රීසි - සිංහල නමක් තියෙන අන්දරේට ටිකක් රිදිලා, රෙද්දේ රෙවිලා. සුදුසු තණකොළ වවන්නේ නැතිව, රට හරක් ගෙනාපුවාම ඔහොම තමයි.
කුකුලට ඇත්ත කිව්වාම කේන්ති ගිහින් වගේ. මම තමුන්ගේ ලොක්කා අන්දරේ තමයි...