
(ගයාන් සූරියආරච්චි)
සීදූව රාජපක්ෂ මාවත ප්‍රදේශයේදී අද (21) රාත්‍රී යතුරුපැදියකින් පැමිනි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් විශ්‍රාමික යුද හමුදා සෙබළකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවැසිය.
විශ්‍රමික යුද හමුදා සෙබළාට සැකකරුවන් වෙඩි ප්‍රහාර තුනක් පමණ එල්ල කර පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.
එම වෙඩි ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ මුඛය සහ පාදවලට තුවාල සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබූ විශ්‍රාමික යුද හමුදා සෙබළාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් රාගම රෝහලට ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතිං ගණන් ඉලක්කම් පෙන්නනව විතරයි. අනවසර ගිනි අවි භාවිතයට දැඩි දඬුවම් දීම සඳහා නීති සම්පාදනයට මේ රජයටත් උවමනාවක් නෑ වගේ. වැඩි දවසක් නොගොස් ලංකාවත් වෙනිසියුලාව, එල්සැල්වදෝරය වගේ අවනීතිය ක්‍රියාත්මක වන දාමරික කල්ලි මගින් පාලනය වන රටක් බවට පත්වනු නොඅනුමානයි.