(නිමන්ති රණසිංහ)
ආනයනය කරන ලද සුදුලූණු බහාලුම් දෙකක් අනුමැතියකින් තොරව පවරා ගැනීමේ සිද්ධියට අදාළව වරාය අධිකාරියට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණීල්ලක් ඉල්ලා අස්කර ගන්නා ලෙසට එම සිද්ධියේ පැමිණීලිකරුට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ අද (18) කරුණු වාර්තා කළේය.
එන්රිචර් ඉන්වෙස්මන්ට් ලංකා පුද්ගලික සමාගමේ සභාපතිවරයා වශයනේ කටයුතු කරන කමතවත්ත පාර, මාදිවෙල රාජගිරිය ප්‍රදේශයේ පදිංචි එච්. ද්ල්ශාන් අසංක අබේවර්ධන යන අය ඉකුත් 14 වැනිදා මෙම පැමිණීල්ල ඉදිරිපත් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
තමන් ආනයනය කළ එම සුදුලූණු බහාලුම් දෙක වරාය අධිකාරිය විසින් සතොස ආයතයට පවරා ඇත්තේ ඉකුත් සැප්තැම්බර් මස 09 වැනිදා බවට සදහන් කරමින් පැමිණිලිකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සිය පැමිණීල්ල ඉදිරිපත් කර ඇත්තේ ඉකුත් සැප්තැම්බර් මස 16 වැනිදා බව ද එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සදහන් කර තිබේ.
මෙම සිද්ධියට අදාළව ඉකුත් 10 වැනිදා නාදුනන පුද්ගලයකු තම ජංගම දුරකතනය ඇමතුමක් ලබා ගනිමින් ‘දින 10ක් ඇතුළතදී සියලු නඩු ඉවත්කරගන්නා ලෙසත්, එසේ නොකළ හොත් තමාගේ පවුලේ සියලු දෙනා කපා කොටා මරා දමන බවටත්’ තමන්ට තර්ජනය කළ බව පැමිණීලිකරු සිය පැමිණීල්ලෙන් ඉදිරිපත් කර තිබූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සදහන් කර තිබේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සුදුලුණු නඩුවේ පැමිණිලිකරුට තර්ජනය කළ සිද්ධියට විමර්ශනයක්
Don Wednesday, 19 January 2022 07:07 AM
ඕකෙ දුරකථන සංවාදය තියෙනවනේ... ඉක්මණට දුරකථන අංකය ඉල්ලගෙන අදාළ පුද්ගලයාව අල්ලගෙන කටහඬ පරීක්ෂාවක් කරලා විස්තර දැනගන්න ක්ෂණිකව පුළුවන්නේ...
sharm warn Wednesday, 19 January 2022 09:34 AM
මේ කතාවේ බලවත් හස්ත දෙක මුලදිම හෙළිවුණානේ.. එහෙනම් ඔය කියන ඇමතුම එන්න ඇත්තේත් ඔවුන් දෙන්නාගේ අනුදැනුමෙන්ම තමයි. ඕවා ඉතින් පොලීසියට, සී.අයි.ඩී. එකට එහෙම තේරෙන්නේ නැහැ. සාමාන්‍ය ජනතාව වන අපිට සක්සුදක් සේ පැහැදිලිව පෙනුණාට...