(ජේ.ඒ්.එල්.ජයසිංහ)

මිළ අධික වේදනා නාශක පෙති තොගයක් සමග කටුගස්තොට වෙලේකඩේ නිවසක සාදයක් සඳහා රැස්ව සිටි තරුණ පිරිසක් මහනුවර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (24) රාත්‍රියේ අත් අඩංගුවට ගනු ලැබීය.

අත් අඩංගුවට ගත් තරුණයන් 10 දෙනා අතර ඖෂධ බෙදා හරින අලෙවි නියෝජිතයන් දෙදෙනකුද සිටි බව පොලිසිය පවසයි. 

එක පෙත්තක් රුපියල් 1000/= ක මිලකට සාදයට එක්වූ තරුණයන්ට අළෙවි කර ඇති අතර අත් අඩංගුවට පත්වූ තරුණයන් මහනුවර යාපනේ, කටුගස්තොට පදිංචි අයවලුන් වෙති. 

ඔවුන් සතුව හෙරොයින් මත් කුඩුද තිබූ බව පොලිසිය පවසයි.