
( තිලකරත්න දිසානායක)
රටේ පැන නැගී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් උත්සවශාලා සහ ආහාර සැලසුම් කර්මාන්තයේ නිරත ලක්ෂ 15 ක් පමණ වන පිරිස ගැන සිතා අවම වශයෙන් 150 ක සීමාව යටතේ හෝ උත්සව පැවැත්වීමට අවස්ථාව සලසා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා උත්සවශාලා හා ආහාර සැලසුම්කරුවන්ගේ සංගමයෙහි සභාපති අතුල කළුආරච්චි මහතා ඉල්ලා සිටියේය.
උත්සවශාලා සහ ආහාර සැපයුම් කර්මාන්තය වර්තමානය වනවිට පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මහර උත්සව ශාලාවක පැවති මාධ්‍ය හමුවකදී කළුආරච්චි මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේද කීය.
"අපගේ මෙම කර්මාන්තය සම්බන්ධයෙන් රජය මෙතෙක් නිසි අවධානයක් යොමු කොට නැහැ. මෙම කර්මාන්තයෙන් රටට සිදුවන සේවය මේ වන තෙක් කිසිවකුටත් අවබෝධයක් නැහැ. මෙම කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව ලක්ෂ 15 ක පමණ පිරිසක් සිටින අතර මේ පිරිස අද වනවිට ඉතාම අසරණ තත්ත්වයට පත්ව සිටිනවා.
අපට බැංකු ණය , ලීසිං සහ සේවක වැටුප් ගෙවීම ඉතා අපහසුතාවයකට පත් වීමට සිදුවීම හේතුවෙන් මෙම වෘත්තීයේ යෙදෙන අය දේපල විකුණල තමයි කටයුතු කරගෙන ගියෙ.ඒ මොහොතේ යම් සහනයක් ලැබුනත් එය ප්‍රමාණවත් වුණේ සේවක වැටුප් ගෙවීමට පමණයි. නමුත් අද වනවිට අපට තිබුනු ප්‍රශ්ණ දෙගුණ තෙගුණ වෙලා තිබෙනව. දැන් අපි කබලෙන් ලිපට වැටිලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසන්න... තව ටික කාලයක් සෞදිය පුරන්න තවම කාලය ඇවිල්ලා නැහැ.
කොරෝනා 4 වන රැල්ල ඇරඹීමට මූලාරම්භය ගනිමින් සිටියි. අවසානයේ දුප්පතා දැඩි දුක්ඛිත තත්වයට පත්වන්නේ ආත්මාර්ථකාමී පිරිසකගේ ක්‍රියා මාර්ග තුලිනි.
ඉහගෙන කන්න හදන්න එපා !!! එහෙම උනොත් ඉක්මනට ආයෙත් රට වහන්න වෙයි.. බොහොම අමාරුවෙන් රටම දුක් විඳලා තමා මේ තත්වෙට ආවේ. රජයේ සේවය ඇරෙනන් (වර්ජනය කරන ගුරුවරුත් එක්කම ) අපෙත් බාගෙටත් වඩා පඩි කපල , අමාරුවෙන් ජීවත් වෙන්නේ.
සාදයක සීමාව ඉහල දාන්න දැන්මම හදිස්සි වෙන්න ඕනෙ නෑ. මොකද තවම කොවිඩ් එහෙම ලොකුවට අඩු වෙලා නෑනෙ. අනික ඔය කොවිඩ් පැතිරුනෙ වැඩිහරියක්ම දානෙ ගෙවල් වලින් සහ මගුල් කොටහලු ගෙවල් වලින් ඉතින් අපි තවත් අවදානමක් ගන්න ඕනෙ නෑ. ඒක හින්ද පුලුවන් තරම් පරිස්සම් වෙන එක තමයි වටින්නෙ.