(අංජුල මහික වීරරත්න)
තල් රා අපනයනයෙන් 2023 වර්ෂයේ ඩොලර් 102,422ක මුදලක් (රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක්)ඉපැයූ බව තල් සංවර්ධන මණ්ඩලය පවසයි.
මෙරට තල් රා සඳහා වැඩිම ඉල්ලුමක් කැනඩාව හා ප්‍රංශය යන රටවල්වලින් ලැබුන බවත් ඊට අමතරව තවත් රටවල් ගණනාවකින් මෙරට තල් රා සඳහා ඇනවුම් ලැබී ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය කියයි.
Sri Lanka Palmyra වෙළෙද සළකුණ යටතේ අපනයනය කරන තල් රා සඳහා ඩුබායි වෙළෙඳපොළේ ද ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ.
ඊට අමතරව තල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදන අපනයනයෙන් රුපියල් එක්කෝටි 19 ලක්ෂයක ආදායමක් උපයා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තල් සංවර්ධන මණ්ඩලය නඩත්තු කරන්න ගිය වියදමත්, මේකත් එක්කම දැම්මා නම් හරියටම බලන්න පුළුවන් ඔය ඩොලර් ටික හොයපු එකේ රඟේ...!
උදේ ඉඳන් රෑ වෙනකන් ටීවී රේඩියෝවල මත්පැන් මත්ද්‍රව්‍ය හොඳ නෑ කිය කියා බණ දෙසලා හරි ආඩම්බරෙන් කියනවා රා වලින් ඩොලර් හොයනවා කියලා.. දැන්වත් මේ බොරු සිල් පැත්තකින් තියලා ඇත්ත තේරුම් අරන් ප්‍රායෝගිකව වැඩකරන්න පුරුදු වෙන එක තමයි හොඳම...
මොන පිස්සුද? එහෙ පදිංචි වෙලා ඉන්න අපේ අයියලා තමයි රා කට්ටේ රසය දන්නේ.. ෆීජි රටෙන් මඤ්ඤොත්තා යවනවා. රා කට්ටක් ගහලා කොච්චි සම්බෝලේ හා පොල් ගාලා ගත්තාම කොහොමද? අර ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කතාවකුත් තියෙනවනේ...
හොඳට පෙරාපු බඩු යවන්න. කෘතීම රා යවලා ඒ බිස්නස් එකත් නැතිකර ගන්න එපා...
මොනවකරල හරි සල්ලි හොයන පෙරෙතයෙක් වගේ පෙනෙන්නෙ.