(මුදිතා දයානන්ද)
නාඳුනන පිරිසක් සුදු වෑන් රථයකින් පැමිණ තම නිවස අසල සැකකටයුතු හැසිරීම ජීවිතයට තර්ජනයක් නිසා කිරුළපන පොලිසියට පැමිණිල්ලක් කළ බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.
තම නිවසට පිටුපසින්වැටී ඇති මාර්ගයෙන් පසුගිය බ්රහස්පතින්දා පෙරවරුවේ එම සැකකටයුතු සුදු වෑන් රථය පැමිණ ඇතැයි ද ඔහු පැවසීය.
නිවසේ පිටුපස ගේට්ටුව ආසන්නයේ වාහනය නවත්වා එයින් බැසගත් පුද්ගලයකු ගේට්ටුවේ යොදා ඇති අංකය පරීක්ෂා කර බලා මේක තමයි ගේ යැයි පවසා ආපසු ගොස් ඇති බවද අසල්වැසියකු එය දැක තමාට දැනුම් දුන් බවද ඔහු පැවසීය.
තමන්ට ජීවිත තර්ජන ඇතැයි මීට මසකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළත්න මේ දක්වා තමන්ගෙන් ප්රකාශයක්වත් ලබාගෙන නැති බවද ගුණවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂක එම තනතුරට පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා නම් ඔහුගේ අවෂ්යත්වය ( දුෂණය පිටු දැකීම ) ඉටුකිරීමට ගොස් ඔබට ඔහුගේ රජය යටතේම තර්ජන තිබෙනම් රටේ ආරක්ෂාව මහජන ආරක්ෂාව පිලිබදව ඔහු වගකිව යුතුවේ
ආපු අයත් පොලිසියේ ය තමයි .හි හී
සර් ෆේල් මොන සුදු වෑන්ද දැන්.?
ජනතාව වෙනුවෙන් තමන්ගේ වැසී පැත්තකට දාලා කෙලින් කතා කරපු මෙවන් නිලධාරීන් රටට ආදර්ශයක්.
මේ ආකාරයට තමා ලොක්කො වෙනත් රටකට සංචරනය වෙන්නෙ.
අනේ මෙහෙමත් ජෝක්. මොකක් හරි වුනත් ටි වී එක ඉස්සරහට ඇවිත් ජනතාවට කියනවා අපි මොනා කරන්නද.?
ඇයි හැමදාම සුදු වෑන්ම එන්නේ වෙනපාට වෑන් නැද්ද? මෙතන කියවූන හැම දෙයක්ම අනුමාන කිරීම් සහ කොහෙන්වත් ඇසුන ඒවා සුළු අතිශයෝක්තියත් සමග. රටේ ආණ්ඩුවට විරුද්දව කොපමණ කතා ක්රීය සිදුවෙනවාද ඇයි රජය මෙයාව විතරක් ටාගට් කරන්නේ? දැන් මෙයා වෙන කාගේවත් රූකඩයක් වෙලා වගෙයි පෙනෙන්නේ.
සුදු වෑන් ගැන පැමිණිලි කරන්න පුළුවන් ඔබට සුදුලූනු වංචාව ගැන පැමිණිලි කරන්න බැරි උනේ ඇයි. ජීවිත තර්ජන නිසා සේවයෙන් ඉවත් වූ ඔබ ඒ සම්බන්ධව රට පුරා කිය කිය යන එක තර්ජනයක් ලෙස නොසැලකුවේ ඇයි. මට නම් හිතෙන්නෙ මේවා ඔහෙලා ඔක්කොම එකතු වෙලා කරන නාඩගම්. ඔක්කොම හොරු.