
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලක මුදල් ඔට්ටුවට සූදු කෙළිමින් සිටි බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන එම සූදු කූඩු පොලේ තිබූරුපියල් 343,500මුදලක් වංචා වෙන් ලබාගත් බව කියන මීගමුව පොලීසියට පොලිසියට අනුයුක්තව පිහිටා ඇති දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
මෙම උප පොලිස් පරික්ෂකවරයා එම ස්ථානයේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනාගෙන් එක් සැකකරුවකු පොලිස් ස්ථානයට ඉදිරිපත් නොකර එම පුද්ගලයා සතුව තිබූ රුපියල්420,000මුදලක්ද වංචනිකව ලබා ගෙන ඇති බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය විණි යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ මීගමුව සහකාර පොලිස් අධිකාරී (2) විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර නෙවෙයි ඔහොම එවුන් හිරේම යවන්න ඔනෙ.
ඉතින් කොහෙද පොලිසිය නීත්‍යානුකූලව වැඩ කරනවා කියලා විශ්වාස කරන්නේ .පොලිසියේ ඉන්න තරමක් ඉන්නේ පාගා කාරයෝ ,හොරු ,මංකොල්ල කාරයොනේ
සල්ලි දැක්කාම රස්සාව, අනාගතේ, පවුල පමණක් නොවෙයි මුන්ට ඇඳි වතත් අමතක වෙනවා. එහෙව් සමාජෙක ලක්ෂ ගණන් මුදල් පසුම්බි අහුලා අයිති කරුවන්ට භාරදෙන ත්‍රීවිල් කරුවොත් ඉන්නවා.
සල්ලි දැක්කහම මැරිච්ච මිනිහත් දිව දික්කරනව කියනවනෙ.