IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


සුදු කෙස් කළු කරන්නේ බලාගෙනයි

ස්වාභාවයෙන්ම අපට උරුම වී ඇත්තේ කලු පැහැති හිසකෙස්ය. කල් ගතවෙද්දී මේ කලු පැහැ හිසකෙස් සුදු පැහැයට හැරේ. ඒ සඳහා විවිධ හේතු කාරණා බලපාන අතර වයස් ගත වීම, පීනස වැනි රෝගී තත්ත්ව නිසාද හිසකෙස්වල පැහැය වෙනස් වීමට පුළුවන. වයසට යාමත් සමග හිසකෙස් පැසීම නොඑසේනම් සුදු වීම සාමාන්‍ය තත්ත්වයකි. ඒත් ඒ ස්වාභාවිකත්වයද පරදා යමින් සුදු පැහැ හිසකෙස් කලු පැහැ කිරීමට විවිධ ඩයි වර්ග මේ වනවිට වෙළෙඳපොළ ආක්‍රමණය කොට අවසන්ය. මේ ඩයි වර්ග අද වනවිට කාන්තා පක්ෂය සේම පුරුෂ පක්ෂයද භාවිත කිරීමට පටන් ගෙන ඇත.

හිසකෙස් සඳහා වන ඩයි වර්ග සංයුතිය ගෙන බැලීමේදී අහිතකර රසායනික සංඝටක රාශියක්ම ඇතුළත් වේ. එනම් විශේෂයෙන්ම ඇමෝනියා සහ PPD නම් සංගටක 02 ප්‍රධාන වශයෙන්ම යෙදේ. මේවා සම ආශ්‍රිතව ඇතිවිය හැකි අසාත්මිකතාවලට ප්‍රධාන හේතුවකි. වෙළෙඳපොල වෙත නිකුත් කෙරෙන ඩයි වර්ග අතුරින් ස්ථිර සහ අර්ධ ස්ථිර යන ඩයි වර්ග නිසා බොහෝ දුරට සෞඛ්‍ය ගැටලු මතු වී ඇත. ඩයි වර්ග භාවිතයෙන් හට ගැණෙන අසාත්මිකතා ප්‍රධාන කාණ්ඩ 02ක් යටතේ වර්ග කළ හැකිය.

Irritant Dermatitis

මෙකී අසාත්මිකතාව හට ගැණෙනුයේ රසායනික ද්‍රව්‍ය තැවරුණු සැණින්මයි. රතු වීම, කැසීම, පලු දැමීම, ඉදිමුව ආදී සංකූලතාද මතු විය හැකියි. ඩයිවල අඩංගු වන ඇමෝනියා නම් රසායනිකය නිසා මෙම සංකූලතාව මතු විය හැකියි.

Allergic Dermatitis

මෙම අසාත්මිකතාවට PPD නම් රසායනිකය බලපානු ලැබේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම අසාත්මිකතාවේ බරපතළකම වෙනස් විය හැකිය. ඩයි වර්ගය භාවිත කරන මුල් වතාවේදීම අසාත්මිකතාව මතු නොවුණද එය දෙවැනි තුන්වැනි වර භාවිතයේදී අසාත්මිකතා මතු වීමට පිළිවන. එසේ නොමැති නම් ඩයි වර්ගය ආලේප කර පැය 48ක් ,සතියක් ඇතුළතදී වුවද අසාත්මිකතාවට ගොදුරු වීමට හැකියි.

මෙම අසාත්මිකතාවේදී හිස් කබල ආශ්‍රිත සම කැසීම, රතු වීම, පලු දැමීම, ඉදිමීම වැනි සංකූලතා හට ගැනේ. නළල, බෙල්ල සේම බෙල්ල පිටුපසත්, පිටෙත් වතුර පිරුණු බිබිලි ඇති වේ. අසාත්මිකතා තත්ත්වය තවත් දරුණු අතට යයි නම් ඇස් පිහිටු, ඇස් දෙක, කන් දෙක ඉදිමීමද සිදු විය හැකියි.

ඩයි වර්ග භාවිතයේදී ඇති දරුණුම අතුරු පලය වනුයේ ජීවිත හානි සිදු වීමට පවා ඇති අවකාසයයි. එය ඩයි භාවිතයේ ඇති අධි අසාත්මිකතා තත්ත්වයයි. මෙම අධි අසාත්මිකතාව Anaphylaxis නමින් හැඳින්වේ. මෙහිදී රුධිර පීඩනය අඩුවී හෘද ස්පන්දනය නතර වී පුද්ගලයා මිය යාමට පවා හැකියි.

ඩයි වර්ග භාවිතයේ අතුරුපල

දිගු කලක් මුළුල්ලේ සිට එකම ඩයි වර්ගය භාවිත කළද පසු කලකදී සම කැසීම, මුහුණ ආශ්‍රිත සම කලු පැහැ වීම, නළල දෙපැත්ත සමේ වර්ණය වෙනස් වීම් ආදියත් සිදුවිය හැකියි. ඩයි වර්ග හිසට යෙදුවද මුහුණේ සමෙහි වුවද තැවරිය හැකියි. එසේම හිරු එළියට ශරිරයේ නිරාවරණය වන පෙදෙස් කැසීමත්,කලු පැහැ ගැන්වීමත් අත්,කකුල්වලත් කලු පැහැ ගැටිති ඇති වේ.

PPD රසායනිකයේ තරම

මෙම රසායනිකය ඩයි වර්ගවලට පමණක් නොව අප අඳින පළඳින දෑවලත් , පරිහරණය කරන ද්‍රව්‍යවලත් අන්තර්ගත වේ. ඒ අනුව කලු පැහැති රෙදිපිළි, අත් බෑග්, පර්ස්, කලු පැහැති පටි සහිත අත් ඔරලෝසු, කලු පැහැ රබර් සෙරෙප්පුවලද මෙම PPD බහුලව අන්තර්ගතයි. මෙම ද්‍රව්‍යවලට තද කලු පැහැයක් ගෙන ඒම සඳහා PPD රසායනිකය වැඩි වශයෙන් යොදා ගැනේ. යම් පුද්ගලයකුට ඩයි නිසා අසාත්මිකතාවක් හට ගතහොත් එවැනි අය මෙම කලු පැහැති බඩු භාණ්ඩ පරිහරණයෙන් මිදිය යුතු බවට උපදෙස් ලබා දේ.

ඔලුවට දාන ඩයි නිසා කකුල්වල අසාත්මිකතා ඇයි?

කලු පැහැ රබර් සෙරෙප්පු නිෂ්පාදනයේදී PPD බහුලව යොදා ගැනේ. අසාත්මිකතා ඇති පුද්ගලයකු කලු පැහැ රබර් සෙරෙප්පු පැළඳීමේදී කකුල් කැසීම, දෙපාවල කලු පැහැ ගැටිති මතු වීමද සිදු වේ. එබඳු පුද්ගලයන් තමන්ට අසාත්මිකතා ගෙනදෙන දෑ හඳුනා ගෙන ඒවා භාවිතයෙන් ඉවත් වී සිටීම අනිවාර්යයි.

Patch Test සාර්ථකද?

සාමාන්‍යයෙන් පුද්ගලයකු හිසකෙස් කලු කිරීමට යොදා ගන්නා ඩයි වර්ගය භාවිත කරන පළමු අවස්ථාවේදී ඉන් ස්වල්පයක් කන පිටුපස ආලේප කර ටික වේලාවක් තබා අසාත්මිකතා මතු වේදැයි සොයා බලනු ලැබේ. විනාඩි ගණනක් ඇතුළතදී යම් අසාත්මිකතාවක් මතුවුවහොත් ඩයි වර්ගය ආලේප නොකිරීමට වගබලා ගත යුතුය. ඒත් සාමාන්‍යයෙන් Patch Test එක් වරක් පමණක් කිරීම යෝග්‍ය නොවන අතර ඩයි භාවිත කරන වාරයක් පාසාම මෙය සිදු කළ යුතුයි.

යම් හෙයකින් ඩයිවලට අසාත්මිකතාවක් මතු වූ වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතුවේ. තවද චර්ම රෝග හෝ අසාත්මිකතා සම්බන්ධයෙන් ඇති සායනවලටද ඔබව යොමු කෙරෙනු ඇත.

ඩයි වර්ග භාවිතයේදී දී ඇති උපදෙස් පිළිපදින්න

යම් පුද්ගලයකුට PPD රසායනිකය නිසා කිසිඳු අසාත්මිකතාවක් මතු නොවුණද ඩයි භාවිතයේදී ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කිරීම ඉතාම වැදගත්ය. එනම් මූලිකවම ඩයි යොදනුයේ හිස් කබලට නොව හිසකෙස් මතයි. කිසිඳු ලෙසකින්වත් ඩයි වර්ග හිස්කබලේ ආලේප කිරීම සුදුසුම නැත.

එමෙන්ම තෙල්, දූවිලි,කුණු රහිත වියළි හිසකෙස් මතුපිට ඩයි ආලේප කර ඉවත් කළ යුතු වෙලාවටම සොදා හැරිය යුතු වේ.

එක් වර්ගයකට ඇති අසාත්මිකතාව වෙනත් ඩයි සඳහාත් පවතීද?

නිෂ්පාදනය වෙනස් කළ පමණින් ඩයි සඳහා ඇති අසාත්මිකතාව මඟ හරවා ගැනීමට නොහැකියි. සියලුම ඩයි වර්ගවල සංයුතිය ගෙන බැලීමේදී රසායනික ද්‍රව්‍ය ඉතා වැඩියි. එබැවින් එක් ඩයි වර්ගයක් පුද්ගලයකුට අසාත්මිකතාවක් ගෙන දුනහොත් වෙනත් නිෂ්පාදනයකට මාරු වීමට උපදෙස් දීමටවත් නොහැකියි. අනෙක් සියලුම ඩයි වර්ග සඳහා ද මෙබඳු පුද්ගලයන්ට ඇත්තේ අසාත්මිකතාවක් සඳහා අවදානමක් පමණි.

අද වෙළෙඳපොළේදී PPD රහිත ,ඇමෝනියා රහිත යනුවෙන් ලේබල් ගසා අලුත් ඩයි වර්ග හඳුන්වා දුන්නද අනෙක් රසායනික සංඝටක ගත් කල අසාත්මිකතා ගෙනදීමට පුළුවන. එබැවින් ඩයි සඳහා අසාත්මිකතා ඇති පුද්ගලයන්ට දිය හැකි උපදෙස් වනුයේ රසායනික සංයෝග ඇති ඩයි වර්ග භාවිතයෙන් හැකිතාක් ඉවත් වන ලෙසයි.

ඩයි වෙනුවට හෙනා සුදුසුද?

හෙනා ගත්තද රතු හා දුඹුරු වර්ණ ස්වාභාවික හෙනා වර්ණ ලෙස සැලකේ. කලු හෙනා ස්වාභාවිකව වර්ණක කාණ්ඩයට අයත් නොවන අතර මේවායෙහිද PPD සහ ඇමෝනියා අන්තර්ගත වේ. ස්වාභාවික කලු හෙනා නොමැති අතරම කලු හෙනාද සෞඛ්‍යාරක්ෂිත නොවන බව මතක තබා ගත යුතු වේ.

ඩයි භාවිත කරන්නන්ට පොදු උපදෙස්

♦ එක් ඩයි වර්ගයක් භාවිතයේදී අසාත්මිකතා මතු වනවිට ඩයි භාවිතයෙන් වහා ඉවත් වන්න.

ඒ වෙනුවට වෙනත් ඩයි නිෂ්පාදනයක් සඳහා මාරු නොවන්න. මන්ද සියලුම ඩයි වර්ගවල සංයුතිය පොදුයි. වෙනත් කිසිදු ආදේශකයක්ද නොමැති බව දැන ගන්න. අසාත්මිකතා දුරු වීමෙන් මරණය පවා සිදු විය හැකියි. ඩයි ෂැම්පුවල පවා අසාත්මිකතා වැඩියි.

♦ අප ඉහතින් සඳහන් කළ කලු පැහැති ඇඳුම් පැළඳුම්, කලු පැහැ ඔරලෝසු පටි සඳහා අසාත්මිකතා දක්වන පුද්ගලයන් දුඹුරු පැහැති වර්ණවලට මාරු වන්න.

♦ සුදු හිසකෙස් කලු පැහැ කිරීම උදෙසා ඩයි ආලේප කළ පුද්ගලයන් අව්වට නිරාවරණය වීමද සුදුසු නොවේ. තමන් ආලේප කළ ඩයි විශේෂය අව්ව සමග ප්‍රතික්‍රියා කිරීම නිසා කැසීම, රතු වීම ඉදිමීම ආදී විවිධ සංකූලතා පැන නැගිය හැකියි.

♦ ඒ වගේම කාලයක් තිස්සේ හිසකෙස්වල ඩයි ආලේප කළ පුද්ගලයන්ටද සුදු කබර වැනි සුදු පැහැ ලප හිස් කබලේ හට ගැනීම සිදු වේ. එසේම හිසකෙස්වලටද දරුණු හානි ගෙනදේ. හිස කෙස් ඉක්මනින් කැඩී යාමට, පළුදු වීමට,ශක්තිමත්භාවය ගිලිහී යාම සිදුවේ. එබැවින් සුදු හිසකෙස් කළු කිරීම උදෙසා ඩයි වර්ග භාවිත කිරීමේදි බොහෝ කල්පනාකාරී වන්න. ඔබගේ නිරෝගී සෞඛ්‍යයට තර්ජනයක් නොවන ලෙසට පරෙස්සමින් සහ හොඳ අවබෝධයකින් ඩයි භාවිත කිරීමටත් වලබලා ගන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (2)

සුදු කෙස් කළු කරන්නේ බලාගෙනයි

Tharushika Subodani Tuesday, 16 August 2022 06:18 AM

සුදු කෙස් වලට කරන්න වෙන විසදුමක් නැද්ද? කිසිම ඩයි වර්ගයක් මට පාවිච්චි කරන්න බෑ.

:       3       5

Harshe Tennakoon Friday, 19 August 2022 03:24 PM

ගොඩක් වටිනා ලිපියක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

යාපනයේ රෝහලක් අසලින් මිනිස් ඇටකටු හමුවේ
2024 මැයි මස 02 46 0

යාපනය පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරයි.


පොල් නිෂ්පාදන මිලියන 19131ක් සොයයි
2024 මැයි මස 02 63 0

2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.


කෝටි 15ක මත්ද්‍රව්‍ය සමඟ යුවළක් කොටුවෙයි
2024 මැයි මස 02 320 0

ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිට මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් භාෂික් නැමත්තාගේ ප්‍රධාන ගෝලයෙකු හා කාන්තාවක රුපියල් කෝට් පහළොවකට


දකුණට - වයඹට නව ආණ්ඩුකාරවරු
2024 මැයි මස 02 742 0

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යනවා
2024 මැයි මස 02 397 0

කම්කරුවන් සඳහා අනාගතයක් සදා දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


මාස දෙකහමාරේ බිළිඳියගේ සිරුර ළිඳක
2024 මැයි මස 02 266 0

කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ ,මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුර එම නිවසේ ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 441 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1856 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1665 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site