(මනෝප්‍රිය ගුණසේකර)
සතොස සේවකයින් සිය නිල රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට රුපියල් ලක්ෂ 11 කට අධික පාඩු සිදු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අධිචෝදනා භාර දුන්නේය.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ඇපකරුවන් දෙදෙනකු ගේ ශරීර ඇප මත විත්තිකරුවන් මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වන තෙක් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කළේය.
විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට දීමටත් සෑම මසකම අවසන් ඉරුදින අල්ලස් කොමිසමේ විමර්ශන ඒකකය වෙත වාර්තා කිරීමටත් විත්තිකරුවන්ට ඇප කොන්දේසි පනවනු ලැබීය.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙලෙස කොන්දේසි සහිතව මත මුදා හරින ලද්දේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන මහත්වරුන්ය.
2013 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට එකොළොස් ලක්ෂ අනූ තුන් දහසකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
මීට පෙර වතාවක අධිකරණයෙන් නිකුත් කළ සිතාසියට අනුව විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේ භාරදීමෙන් පසු ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග කළ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 30 වනදා නඩුව කැඳවීමට නියම කළේය.
බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කළ පර්යේෂණ සාර්ථක වූ බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි.
නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවේ විරෝධය මැ
විදුලිය නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් 2022 සිට 2024 දක්වා රතු බිල් තුන් කෝටියකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේක
රඹුක්කන කඩිගමුව ලබුයගාල්වත්ත ප්‍රදේශයේ හෝටලයක සේවකයකු එහි නාන තටාකයට වැටී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ධාවන කාලසටහනක් මුල් කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ලංගම හා පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරු අතර ඇති වූ ගැටුමකින් අද (08) බණ්ඩාරවෙල ඩිපෝවේ
ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් හමුදා නිලධාරීන් සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යෙදවීමේ මිනිස් ජාවාරමක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සතොස සේවකයින් දේශපාලන වැඩට යොදාගත්තැයි ජොන්ස්ටන් ඇතුළු තිදෙනකුට අධිචෝදනා
fairoos Tuesday, 09 August 2022 06:56 PM
අම්මෝ 2013 කරපු ඒවා තාමත් ඔප්පු කරන්න බැරි වෙලාද?
Roshan Tuesday, 09 August 2022 07:12 PM
සතොස විතරක් නෙමෙයි.... මිල්කෝ, NLDB, කෝප් සිටි සමූපකාර යන සේරම 100%ක් දේශපාලන පත්කිරීම් තමයි. ඒ අය රාජකාරි වෙලාවෙදි ආණ්ඩුවෙන් නිකන්ම පඩි අරන් ඒ ඒ දේශපාලන පක්ෂ වලට කඩේ යන එක තමයි කරන්නේ....