(ඩයනා උදයංගනී)
සතොස මගින් අලෙවි කරන ආනයනික සුදු කැකුළු, සුදු නාඩු, රතු පරිප්පු, සුදු සීනි සහ හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ වර්ග හතක මිල අද (9) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇතැයි එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසීය.
මේ යටතේ ආනයනික සුදු කැකුළු කිලෝවක මිල රුපියලු 10කිනුත්, ආනයනික සුදු නාඩු කිලෝවක මිල රුපියල් 4කින්, සුදු සීනි කිලෝවක මිල රුපියල් 19 කින්, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 31 කින්, ආනයනික හාල්මැස්සන් කිලෝවක් රුපියල් 25කින්, සුදුළුණු කිලෝවක මිල රුපියල් 155 කින්, වටානා කිලෝවක මිල රුපියල් 60 කින් අඩු කර ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව රුපියල් 195ක් ලෙස පැවති ආනයනික සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 185 දක්වාත්, රුපියල් 198 ක් ලෙස පැවති ආනයනික සුදු නාඩු කිලෝවක මිල රුපියල් 194 ක් දක්වාත්, රුපියල් 298ක් ලෙස පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 279ක් දක්වාත්, රුපියල් 460 ක් ලෙස පැවති රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 429ක් දක්වාත්, ආනයනික හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1375 සිට රුපියල් 1350 ක් දක්වාත්, සුදුළුණු කිලෝවක් රුපියල් 750 සිට 595 ක් දක්වා සහ වටානා කිලෝවක් රුපියල් 375 සිට රුපියල් 315 ක් දක්වාත් අඩු වන බව අබේවර්ධන මහතා කීය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ අනුව දිවයින පුරා සතොස අලෙවිසැල්වලින් මෙම මිලට භාණ්ඩ ලබාගත හැකි බව ඔහු පැවසීය.
එමෙන්ම අඩු ආදායම් ලාභී වතුකර ජනතාව ජීවත් වන ප්‍රදේශවල සතොස අලෙවිසැල් හරහා පාන් පිටි කිලෝවක් රුපියල් 310 කට අලෙවි කිරීමට කටයුතු කර ඇති බව ද පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතොසින් පිට පුද්ගලික වෙළඳ සැල්වල සුදුළූණු ග්‍රෑම් සියයක් රුපියල් පනහට තියෙනවා.. එවිට කිලෝ එකක් රුපියල් 500ට ගන්න පුළුවන්... තොගමිල ඊටත් අඩුවෙනවා. ඇති ඉතින් සතොස මොකටද?
මොන සතොස ශාකාවෙද ඔය භාණ්ඩ අලවියට තියෙන්නෙ.. ගියොත් පෙට්ටි හිස්.