(ඉන්දිකා රාමනායක)
සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළදී දිවයින පුරා පිහිටි සතොස ගබඩා සහ සතොස අලෙවිසැල් වෙත පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසට පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුනට විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බව මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
සංචරණ සීමා පවතින කාල කාල සීමාවල දී සතොස ගබඩා සහ වෙළෙඳ සැල්වල ආරක්ෂක නිලධාරීන් රාජකාරියට නොපැමිණෙන නිසා ඒවාට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසට ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් මහතා පොලිස්පතිවරයා වෙත කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා මෙම නියෝගය කර ඇත.
ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම සතොස ගබඩා සහ සතොස වෙළඳසැල අවට ජංගම මුර සංචාර වැඩි කර අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම රට වහන්න ගියොත් හැම කඩයකටම පොලිස් ආරක්ෂාව දෙන්න වෙයි.
ඕකේ ආරක්ෂා කරන්න බඩු තියෙනවද.?