IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සත්ව ආහාර-බියර් නිෂ්පාදනයට සහල් තොග ගැනීම අත්හිටුවයි

(අංජුල මහික වීරරත්න)

දැනට පවතින දැඩි නියඟය හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟයට මුහුණ දීම සඳහා මේ වනවිට රට තුළ පවතින සහල් තොග ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ අනුව සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් යොදා ගැනීම වහා අත්හිටුවීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දෙනු ලැබීය.

මේ සම්බන්ධව සකස් කළ ලිපියක් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ  ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුවට ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්ක කිහිපයක වගා කර ඇති  ඇතැම් කුඹුරු ඉඩම්වල ගොයම් තවමත් පීදී නැති අතර ඇතැම් ප්‍රදේශවල ගොයම් කිරට නමන තත්ත්වයක් පවතී. එහෙත් පවතින දැඩි නියඟය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොයම් පැසීමට තරම් අවශ්‍ය ජලය නොමැතිවීමේ ගැටළුවට ගොවීහු මුහුණ පා සිටිති.

 



අදහස් (0)

සත්ව ආහාර-බියර් නිෂ්පාදනයට සහල් තොග ගැනීම අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site