(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු විසින් කරන ලද සිසේරියන් සැත්කම් සහ නාරිවේද සැත්කම් වලින් තමන්ට කිසියම් ශාරීරික හානියක් සිදුවූයේ යැයි සැකකරන කාන්තාවන් සිටීනම් වහා පැමිණ ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන කාන්තාවන්ගෙන් ලබාගන්නා තොරතුරු අනුව අදාළ වෛද්‍යවරයා සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට ගෙනයන බවද රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අද (25 වැනිදා) පැවැති මාධ්‍ය සාකච්ඡාවදී රෝහල් අධ්යක්ෂවරයා මේ බව දැනුම් දුන්නේය.
සිංහල කාන්තාවන් පිරිසකට වඳ සැත්කම් කළේ යයි කුරුණෑගල රෝහලේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මුස්ලිම් වෛද්‍යවරයකුට එරෙහිව චෝදනාවක් එල්ලවී ඇතැයිද වීරබණ්ඩාර මහතා පැවසීය. එම වෛද්‍යවරයා සැකකටයුතු ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාවක් යටතේ කුරුණෑගල පොලීසිය විසින් දැනටමත් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සොයා බැලීම සඳහා මේවනවිට රෝහල් මට්ටමෙන් පරීක්ෂණයක් අරඹා ඇති බැවින් සැකයක් පවතින කාන්තාවන් සිටීනම් රෝහල වෙත ඉදිරිපත් වන ලෙසද කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර දෙයක් වෙනකම් රෝහලේ අනිකුත් අය නිදාගෙනද හිටියේ? සිද්ධිය ඇත්තනම් අනිකුත් අයව ආධාර හා අනුබල දීම යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි නොවේද? මෙහිදී දේශපාලකයන්ගේ අදහස් හෝ ක්‍රමවේද තඹයකට මායිම් නොකළ යුතුවේ.
කෝ අපේ අර වෙදකමට කිසිම සම්බන්ධතාවයක් නැති කරුණු අල්ලාගෙන හිටි හැටියේ වැඩ වර්ජනයකරන වෛද්‍ය සංගමයේ වීරවරයෝ? මේ ගැන කිසි සද්දයක් නැහැනේ. අනේ අනිච්චං...
කරුණාකර අදාළ කාන්තාවන් ඉදිරියට පැමිණ තමන්ට වූ ජාතිවාදී අසාධාරණය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින්නෙමු. මෙය හොඳම අවස්ථාවක්... ජාතිවාදී මෙවන් පාපතර "දොස්තර හොරුන්ට" එරෙහිව නැගීසිටීමට. අප වෛද්‍ය සංගමයෙනුත් ඉල්ලා සිටිනවා මෙවන් "දොස්තර හොරුන්ව" බේරාගැනීමට ඉදිරිපත් නොවන ලෙස. එසේ ඔබලා මෙවන් ජාතියක් විනාශ කිරීමට සූක්ෂම ලෙස ක්‍රියාකළ පාපතරයින්ට කිසියම් හෝ ලෙසකින් උදව් කරන්නේ නම් ඔබලාද හොර දොස්තරලා ලෙස සමාජයේ හංවඩු ගැසීම නිරායාසයෙන්ම සිදුවෙනු ඇත. අපගේ මතෘභූමියට ජය!!!
මෙවැනි දොස්තරලාගෙන් බෙහෙත් ගන්න එපා. වඳ සැත්කම් ගැන මිනිස්සුන්ට තේරුණාට තව නොතේරෙන ගොඩක් දේවල් තියෙනවා. හෙම්බිරිස්සාවක්, උණක් හැදුනම ඇන්ටිබයෝටික් දුන්නම ඉක්මනට ලෙඩේ සනීප වෙනවා. නමුත් ටික කාලයක් යද්දී ඇන්ටිබයෝටික් රෙසිස්ටන්ට් වෙනවා. ඊටපස්සේ ලොකු ලෙඩක් හැදිලා ඇන්ටිබයෝටික් දුන්නට වැඩක් වෙන්නේ නෑ. සමහර දොස්තරලා මේ වැඩේ කරනවා. එ්ක නිසා පරිස්සමෙන්...
එහෙම දෙයක් වුනා නම් ඒක වෙන්න ඇත්තේ මොහුගේ දැනුවත් භාවයත් එක්කනේ. මොහුගේත් වැඩ තහනම් කර ඉහළ මට්ටමේ පරීක්ශණයක් කළ යුතුයි. අනික කවුද දන්නේ මේ දෙන්නා එකතුවෙලා ගහපු ගේම් එකක්ද එහෙම නැත්තම් දෙන්නා අතර තිබුණු සීතල යුද්ධයක්ද කියලා. අනික මේකේ ගැටලුව සැකකටයුතු ලෙස වත්කම් උපයා ගත්තා නම් ඒකට පියවර ගත යුත්තේ පොලීසිය නොවෙයිනේ. ඒකට අදාල වෙනම ආයතනයක් තියෙනවනේ.
සැත්කම්වලට භාජනය වුණු මව්වරුන් සහ එම සැත්කම් කළ වෛද්‍යවරුන් ගැන වාර්තා රෝහලේ තියෙන බැවින් අදාල මව්වරුන් නැවත කැඳවා පරීක්ෂා කළ හැකි නොවේද?
කට්ටිය බයේ ඇත්තේ, ඔප්පුකරන්න අාපහු සැත්කමක් කරන්න වෙයි කියලා...
මේ යකා ජී එම් ඕ ඒ පාදෙනියගේ හොඳ ගෝලයක් .
ලොකුම හානිය තවත් දරුවෙකු අවශ්‍ය උදවියට එයට අවස්ථාව අහිමි වීම ඇරෙන්න වෙන මොකද්ද ? තමන්ට හානියක් උනාද නැද්ද කියන්න මේ කාන්තාවන් නාරිවේද දොස්තරලා නෙවෙයිනේ. අනෙක කාන්තා ශාරීරික ගැටළු එහෙම සැක පිට තමන්ට අවශ්‍ය වෙලාවට දන ගන්න පුළුවන් ඒවා නෙවෙයි. මේ දොස්තරගෙන් ප්‍රතිකාර ගත සියලුම කාන්තාවන් පරික්ෂා කල යුතුයි. සැක කර කර ඉන්නකොට පෙරහැර ගිහින් තියේවි.
කුරුණෑගල ඉස්පිරිතාලේ දරුවන් ලැබීමෙන් පසුව අස්වභාවික ලෙස මිය ගිය තරුණ මව්වරු ගොඩක් වාර්තා උනා පලවෙනි දරු ප්‍රසුතියෙන් පසුව ලේ වහනය වීමෙන්. කියලයි වාර්තා උනේ ?? ඊට එහා දෙයක් අපිට දැනගන්න ලැබුනේ නැහැ ??? පව් අසරණ අපේ අම්මල මුන්ගේ සියලුම දේපල රාජ සන්තක කළ යුතුයි.....
මොහුගෙන් ප්‍රතිකාර ගත් කාන්තාවනි දැන් ඔබගේ වාරය... කරුණාකර නොපැකිලව සහයෝගය දක්වන්න. ස්තුතියි...!!!
මෙය අමූලික බොරුවක්. සැත්කමක් කරනවිට තව දොස්තරවරුන්, හෙදියන් කීපදෙනෙක් එතන සිටිනවා. එහෙනම් ඔවුනුත් ඔය ක්‍රියාදාමයට එකතු විය යුතුයි. රටේ මුස්ලිම් ව්‍යාපාර කඩා ගිනිතියන්න කැසකවන අන්තවාදීන් පිරිසක් මාන බලමින් ඉන්නවා. නමුත් එම ස්ථාන වල වැඩිම පිරිසක් හැටියට සේවය කරන්නේ සිංහල ජනයා බව මොවුන් සිතන්න ඕනේ... ව්‍යාපාර විනාශ කළොත් ඔවුන් ඒවා රක්ෂණ මාර්ගයෙන් ඒවාට වන්දි ලබාගෙන නැවත ආරම්භ නොකර සිටියි. එතකොට එහි සේවය කළ සිංහල අයට ඔය අන්තවාදීන් වගකියනවද?
මේ විස්තරය මට බස් රථයේදී කිව්වා. එය සත්‍යයක්... දැන් තමයි රට දන්නේ. මෙය මිනී මැරුමක් වැන්නකි. ඒ නිසා මරණ දඬුවම දිය යුතුය. එය කරන්න බැරි රට කුමකටද?
මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑනේ.. අනික ඕවාට ඉදිරිපත් උණාම කරදර වෙනවා කියලා බයයි. ඒ නිසා මොහු සැත්කම් කළ මව්වරුන් පෞද්ගලිකව හමුවී ගැටළු සොයාගත හැකිය.
දියවන්නාවේ ඉන්න යහපාලනේ සියලු දෙනාම වඳ කරලයි තියෙන්නේ...
මෙච්චර හානියක් උනාට පස්සේ තමයි මෙයාලට දැනුනේ.
මුස්ලිම් ඇමතිලා දැනටමත් මේකව නිදහස් කරගන්න දගලනවා ඇති. මට හිතෙන්නේ සල්ලි විසි කරලා මේක යට ගහනවා.
මෙම “වරද” ට අත්අඩංගුවට ගන්න තව අය ඉන්නවා නේද? රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද, ඊට අමතරව කොච්චර “ බිස්නස්“ කාරයෝ, පෙරකදෝරුතුමාලා, නඩුකාර උන්නාන්සේලා වගේ අය, දොස්තර මහත්තය මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න තියෙන්නේ... එයාව ඇරෙස්ට් කරපු එකට පොලිසියට විරුද්ධව...!
සමීර "ප්‍රතිජීවක ප්‍රතිරෝදය " හැදෙන්න්නේ දොස්තරලා දෙන බෙහෙත් වලින්ම නෙමෙයි. අපේ උදවිය ෆාමසි වලට ගිහිල්ලා "ඕවර් ද කවුන්ටර් " ගන්න ප්‍රතිජීවක හින්දා.. ප්‍රතිජීවකයක මාත්‍රාව සහ දෙනු ලබන කාලය ඉතා වැදගත්... ෆාමසියෙන්, වෛද්‍ය නිර්දේශයකින් තොරව ඉල්ලගෙන කරල් 6 ක් 7 ක් බීල නිකන් ඉන්නවා. මෙතන දී ෆාමසියත් වැරදියි. නමුත් මේක සිරි ලංකාව නොවැ! වඳ සැත්කම් ගැන කියන්න තියෙන්නේ සිසේරියන් නෙමෙයි. ඕන සැත්කමක් "ටීම් වර්ක් " එකක්... එතන තව කට්ටිය ඉන්නවා. අනිත් අයට නොපෙනෙන්න පැලෝපීය නාල 4000ක් ගැට ගැසීම තරමක් අසීරු වැඩක්! නමුත් මිනිහ අරයගෙ යාලුවෙක් නොවැ! ඒ හින්ද සැකයක් තියනවා.
පුදුමයිනේ, කාන්තා සංවිධාන මේවාට මොකුත්ම කියන්නේ නැතුව ඉන්න එක... හාවි වින්ස්ටන් කාන්තාවන් 50ටද කොහේද අතවර කරා කියලා බටහිර මාධ්‍යය මැරෙන්න හැදුවා. තාම නිව්ස් අඩු නැතුව යනවා. නමුත් කාන්තාවන් 4000ක් වඳ කරපු මේ වගේ දොස්තර කෙනෙක්ට මොකුත් කියන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි එන්.ජී.ඕ. අයත් මේ මනුෂ්‍යයාට සහාය පළකරනවා. ට්විටර් සමාජ මාධ්‍යයේ... මේ ඔක්කොම ලැජ්ජා වෙන්න ඕනේ අසරණ දුප්පත් කාන්තාවන්ට කරන වින්නැහියට...
ඇත්තෙන්ම මෙම සැකකරු වරදකරු බවට ඔප්පු වුණානම්, ඔහු කල ක්‍රියාව සහරාන් කල ක්‍රියාවටත් වඩා ඉතාමත් දරුණු බරපතල වරදක්.
ලාහට ගෙම්බෝ එකතුකරනවා වගේ වෙයි...
වීරබන්ඩාටත් කුට්ටිය කැපෙන්න ඇති... හොයලා බැලුවා නම්...
500 ක් ආවත් 0.1 % ය