(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ උච්ඡතම අවස්ථාවට පත්ව ඇති බවත්, එය පාලනය කිරීමට නම් දින 14ක් දැඩි සංචරණ සීමා හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
දැනට පවතින පළාත් සංචරණ සීමා මෙම අවස්ථාවේදී ප්‍රමාණවත් නොවන බවත්, දින 14ක් දැඩි සංචරණ සීමා පැනවිය යුතුය යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතුළු සියලුම විශේෂඥවරුන්ගේ මතය බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අද කියයි.
දින 14ක් දැඩි සංචරණ සීමා පනවන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමට බලාපොරොත්තු වන බව ද සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. සංඛ්‍යලේඛන කුමක් වුවත් මේ වන විට රෝගීන් වාර්තාවීමේ වේගය සීඝ්‍රයෙන් ඉහළයමින් ඇතැයි කී වෛද්‍යවරයා මේ ආකාරයට රෝගීන් වාර්තා වුවහොත්, පැය 6කට හෝ 4කට වරක් ඇඳන් 1000ක අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය බැගින් විවෘත කරන්නට සිදුවනු ඇතැයි ද කීවේය. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් සංඛ්‍යාව වැඩිකර මෙම තත්වය පාලනය කළ නොහැකි බව කී වෛද්‍යවරයා පුහුණු සෞඛ්‍ය සේවකයන්ට දරාගත නොහැකි මට්ටමින් රෝගීන් වැඩි වුවහොත් දරුණු තත්වයක් ඇතිවනු ඇතැයි ද පැවසීය.
ඇඳන් වැඩිකර වසංගතය පාලනය කළ හැකි නම් ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවලටත් මෙය පාලනය කරන්නට හැකියාව තිබූ බව කී සෙනාල් ප්‍රනාන්දු මහතා ඉදිරි දින කීපය තුළ ගන්නා තීන්දු තීරණ මත රටේ ඉදිරිය තීරණාත්මක වනු ඇතැයි ද කීවේය.
එමෙන්ම මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේ අක්‍රමිකතා තිබූ බව කී වෛද්‍යවරයා වසංගත රෝග විද්‍යා අංශය එය ක්‍රමානුකූලව නොකිරීම ගැන තම සංගමයේ නොසතුටක් තිබෙන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ සිංහල අවුරුද්දත් ඇතුලත්ව තද දැඩි නීතියට යටත්ව සති 2ක් රට වැසුවා නම්..ඒත් පතනවා තාම නෑ පමා කියල
ඔබ කියන දේ 100%ක් හරි... සංචරණ සීමා දැම්මා කිව්වට, හැඳුනුම්පතේ විදිහට නිවසෙන් පිටවෙන්න කිව්වට පසුගිය දවස්වලත් වෙනදා වගේම පාරේ, කඩවල්වල, නගරවල සෙනග හිටියා. ලංකාවේ මිනිස්සුන්ට ස්වයං විනයක් කියලා දෙයක් නැති නිසා රට ලොක්ඩවුන් කරන්නම වෙනවා. වෙන විකල්පයක් නැහැ. අනික තම මෝඩ දේශපාලකයින්ට මේ වැඩේට අතගහන්න දෙන්න එපා. සෞඛ්‍ය අංශවලට මුල්තැන දී, ත්‍රිවිද හමුදාවට හා පොලිසියට මේ වැඩේ කරන්න ඉඩදිය යුතුයි.
අලුත් අවුරුදු පොකුර හදන්නේ නැතිව හිටියා නම් මේ විනාසේ වෙන්නේ නැහැ නේද?
අළුත් අවුරුද්දේ අසිරිය දැන්නම් හොඳට පේනවා. ඒ මදිවට නුවරඑලියේ සැනකෙලි නටපු ඒවායේ ප්‍රතිඵල දැන් හොඳට පේනවා. ඇයි මාධ්‍යයෙනුත් පුන පුනා සැණකෙලියට ආරධනා කළා. මේවායේ ප්‍රතිඵල සැමටම අත්විඳින්න වෙලා. දැන්වත් ඉක්මණින් රට වැහුවොත් නරකද? අපේ සමහර අයට විනයක් නැති හැසිරීම පාලනය කළ හැක්කේ ඒ ක්‍රමයට පමණයි.