(යොහාන් භාසුර)

එළඹෙන සති අන්තයේ සෙනසුරාදා පැය 2 ක් සහ ඉරිදා පැයක් ලෙස පැය තුනක් පමණක් විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

සෙනසුරාදා (9 වැනිදා) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පස්වරු 3.00 සිට රාත්‍රී 9.00 දක්වා ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා ද, පැය දෙක විදුලිය කප්පාදු කරන බවත් ඉරිදා (10) සියලුම කලාපවලට පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයක් විදුලිය කප්පාදු කරන බවත් රත්නායක මහතා කීය.

සීසී1 කලාපයට පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 3 විනාඩි 30 ක් විදුලි කප්පාදු කරන බව ද රත්නායක මහතා සඳහන් කළේය.