
ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් කවුචි නමැත්තා යැයි පොලිසිය පවසයි.
ජොඑල් කවුචි කළ පහරදීමෙන්, මියගියේ කාන්තාවන් පස් දෙනකු සහ පිරිමියෙකි. තවත් බොහෝ දෙනකු තුවාල ලැබූ අතර, එම පිරිස අතරේ කුඩා බිලිඳකු සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පහර දෙමින් කලහකාරීව හැසිරුණු ජොඑල් කවුචි වෙඩි තබා ඝාතනය කළේ සිඩ්නි නුවර පොලිස් නිලධාරිනියකි. ඇය තනිවම ජොඑල් කවුචි කොටු කරගත් බව පැවැසෙයි.
එම පොලිස් නිලධාරිනිය වීරයකු යැයි ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා ඇත. ඇය ඝාතකයාට වෙඩි නොතැබුවා නම්, තවත් බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත්වීමට ඉඩ තිබුණු බව සිඩ්නි පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ජොඑල් කවුචි එසේ ප්‍රහාරයක් එල්ල කනිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිස් පරීක්ෂණ දිගටම සිදුවෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියයුතු දඬුවම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතා හොඳයි. ලංකාවේ අඬන අයට මේවා පෙනේවා...!
ඒ රටේ මානව හිමිකම් කස්ටිය නැතුව ඇති. නැත්නම් මිහින්තලේ පැත්තෙන් වගේ සූකර හඬක් මතුවෙන්න තිබුණා.
සිඩ්නි කියන්නේ කවුද? මොකක්ද දන්නේ නැහැ එයත් එක්ක තියන කෝන්තරය.
ඈ බොල, පිහියක් අතේ තිබෙන කෙනෙකුට වෙඩි තියන එක වීරකමක්ද?