යුක්රේනයේ මරියුපෝල් සහ වෙල්නොවාකා නගර වැසියන්ට එම නගරවලින් ආරක්ෂිතව පිටවී යෑමට ඇරැඹූ සටන් විරාමය, යුක්රේනයේ 'ජාතිකවාදීන්' විසින් උල්ලංඝනය කරනු ලැබුවේ යැයි රුසියාව චෝදනා කරයි.
නගර වැසියන්ට ආරක්ෂිතව නගර දෙකෙන් පිටවී යෑමට පැය 5 ක සටන් විරාමයකට එකඟත්වය පළ කළේ රුසියාවය. ඒ අනුව සටන් විරාමය ආරම්භ විය.
කෙසේ නමුත් රුසියාව චෝදනා කරන්නේ යුක්රේන 'ජාතිකවාදීන්' රුසියන් හමුදාවට ප්‍රහාර එල්ල කරමින් ඒම සටන් විරාමය කඩ කර ඇති බවය. රුසියාව ද සටන් විරාමය කඩ කළේ යැයි යුක්රේන රජය පවසා ඇත.
කෙටි සටන් විරාමය ඇතුළත වෙල්නොවාකා නගරයෙන් පිටවූ බව පැවැසෙන්නේ 400 දෙනකු පමණි. නගරයේ ජනගහනය 20,000 කි. සටන් විරාමය අතරතුරේ 15,000 ක් නගරයෙන් ඉවත් කර ගැනීම නගර බලධාරින්ගේ අරමුණ වූ බව ද පැවැසෙයි. වෙල්නොවාකා යනු ගිණිකොණදිග යුක්රේනයට අයත් කුඩා නගරයකි.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සටන් විරාමය කඩලා