(ටී.කේ.ජී.කපිල)

ආසියානු සටන් කළා ශූරතා - 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සටන් කළා කණ්ඩායම  තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

අන්තර්ජාතික සටන් කළා සම්මේලනය සංවිධානය කළ 04 වන ආසියානු සටන් කළා ශූරතා තරගාවලිය පසුගිය 9 වැනි දා සිට 14  දක්වා තායිලන්තයේ පතායා නුවර දී පැවැත්විණි.

මෙයට රටවල් 06 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 120 දෙනෙක් මීට සහභාගී වූහ.

එහිදී තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් , මෙම තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ද සමත් වුහ.

මොවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මාපිය , ඥාතීන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.