
(ජේ ඒ එල් ජයසිංහ)
මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග සංඥා හසුරුවන සංඥා ( කැබින් කාමරය) කුටියේ දහවල් රාජකාරී කරමින් සිටි සංඥා හසුරුවන්නන් දෙදෙනාට සිය කැබින් කාමරයේ නින්ද යාම ,නිසා බදුල්ලේ සිට නුවරට පැමිණෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය එම මාර්ගයේම 3 වන වේදිකාවේ නවතා තිබූ දුම්රියක ගැටී සිදුවන්නට ගිය භයානක අනතුරක් දුම්රිය රියදුරාගේ දක්ෂතාවය නිසා බේරා ගැනීමට හැකිවූ බව දුම්රිය ස්ථානයේ සිටි මගීන් සහ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය හා ආරක්ෂක හමුදා නිලධාරින් පැවසූහ.
මෙම අනතුරුදායක තත්ත්වය දුටු දුම්රිය ස්ථානයේ සිටි මගීන් එහේ මෙහේ දුව යාම නිසා කීප දෙනෙකු වැටී සුළු තුවාළ ලබා තිබේ.
මෙම භයානක තත්ත්වය ඇතිවූ අවස්ථාවේ දුම්රිය ධාවනය කළ රියදුරු මහතා හා දුම්රිය ප්‍රධාන නියාමකවරයා දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරින් සමග සංඥා කාමරයට ගොස් පරීක්ෂා කල විට එම සංඥා කාමරයේ සේවයේ යෙදී සිටි සේවකයන් දෙදෙනාගෙන් එක් අයෙකු නිදාගෙන සිටි බව දැක ඔහුට තරයේ අවවාද කර ,පසුව එම සිද්ධිය දුමිරිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති වරයාටද පැමිණිළි කිරීමට අදාළ නිලධාරින් පියවර ගත්හ.
මෙම අනතුරු දායක සිද්ධිය පිළිබඳව මහනුවර දුම්රිය ස්ථානයේ ආරක්ෂක හමුදාවේ නිලධාරින් විසින් දුමිරිය සාමාන්‍යාධිකාරී වරයාට ලිඛිතව දන්වා යවා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය රියදුරු මහතාගෙන් ,ප්‍රධාන නියාමක වරයාගෙන් සංඥා කාමරයේ සේවය කරමින් සිටි සේවකයන් දෙදෙනාගෙන් කටඋත්තර ලබාගෙන තිබෙන බව දුම්රි ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා වෙලාවට කරන්නේ ස්ට්‍රයික් කරන එක විතරයි...