
(රෝෂන් තුෂාර)
කොළඹ අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුවේදී වෙඩි වැදීමිය ගිය පාතාලි කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව බාරව පැමිණි බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයා ලබන 21 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (17) නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකාර ජේලර්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරු ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කර සිටියේ සැකකාර ජේලර්වරයා රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd