
(රෝෂන් තුෂාර)
පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය යට අදාල සීසීටිවී දර්ශන ඇතුලත් කොළඹ අලූත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පරිගණක පද්ධතියට අදාළ දෘඪතැටි දෙකක් අද (03) පොලිස් බාරයට ගැනිණි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති එස්.කේ.සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේදී මෙම දෘඪ තැටි පොලිස් භාරයට ගැනීම සිදු කෙරිණි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහූද මෙම අවස්ථාවට එක්වී සිටියහ.
සංජීව ගේ ඝාතනය පසුගිය 19 දින උදෑසන සිදුවූූ අතර කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමත් පරිදි අදාළ සීසීටිවී දර්ශන විමර්ශන කණ්ඩායම් වෙත ලබා දෙන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කොට තිබිණි .
ඒ අනුව සියලු දර්ශන ඇතුළත් දෘඪ තැටි දෙකක් ප්‍රධාන රෙජිස්ටර්වරිය විසින් විමර්ශන කණ්ඩායම් වෙත භාර දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd