(රෝෂන් තුෂාර)
අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබූ හිටපු කොමන්ඩො සෙබළ සැකකරු සහ ඔහුට පලායාමට සහය දුන් රියදුරු ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ රඳවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.
සැකකාර ඝාතක ත්‍රිවිල් රථ රියදුරුකු වන සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි සහ වෑන් රථ රියදුරු කරන්චාරගේ මහේස් සම්පත් පියදර්ශන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට පැය 24 කාලයක් ප්‍රමාණවත් නොවන බැවින්,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7/1 වගන්තිය ප්‍රකාරව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාගේ නියෝගය පරිදි පැය 72 ක් වරාය පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් කරුණු දක්වා ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතන සිදු කිරීම,ඊට ආධාර අනුබලදීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාර වූ විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් ඊයේ දින පස්වරු හතරයි තිහට පමණයි අත්අඩංගුවට ගත් බව ද, මහරගම ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු වන සමිදු 27 වැරදි පුද්ගලයකු බවත් සම්පත් පියදර්ශන රියදුරු 44 හැවිරිදි මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව අයකු බවත් වැඩිදුරටත් කරුණු සඳහන් කර ඇත.
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ
ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ
නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික
දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සංජීව ඝාතකයා,රියැදුරා පැය 72 රඳවා ප්‍රශ්න කරයි