
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ වගකීම බාර ගැනීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර සිටී.
එජාප- සජබ එකතු කිරීමේ වැඩ කටයුත්තට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකවම ඉදිරිපත් වීම පිළිබඳව විශේෂ කෘතඥතාවය පළ කරන බවද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් අවධාරණය කර සිටී.
එජාප -සජබ එකතුව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ සහ ජාතික සංවිධායක සාගල රත්නායක මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමටද එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් සියලු සාකච්ඡා ඉහත ත්‍රිපුද්ගල කමිටුව විසින් මෙහෙයවන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් සජිත්ට දෙනවා ලොවෙත් නැති වෙන්න...
වෙන්ව සිටියොත් පරාජය නියතයි. එක් වුණත් ඒකම තමයි...
ඉදිරියේදී එන මැතිවරණ වලදී රටේම ජනතාවට දැන් ඉතාම පැහැදිලිව හරී තීරණයක් ගැනීම ඉතාම පහසුයි..
සාර්ථක රැලියක් නුගේගොඩ පවත්වා නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාසට කළ හරියක්!
රට වලපල්ලට දාපු සෙට් එකතුවෙලා හරි බලය ගන්න හදන්නේ. රටේ සල්ලි වලින් ගන්න තිබ්බ සැප, ගත්තු ආතල් ඔක්කෝම ඉවර වෙලා හූල්ලන මොවුන් කොහොම හරි බලය හොයන්නේ. අහුවෙන්න එපා මේ රට කාපු වල් අලි සහ සමාගම් වල අයට...
හොරු එක පොකුරක් වගේ එකතු වෙලා. මිනිස්සු බුද්ධිමත් නිසා ආයෙත් එයාලව ඡන්දෙන් එළවලා දාන්න පුළුවන්.
ඔය රනිල් ,සාගල , සජිත් , තලතා වැනි පරණ සෙට් එක අස්වෙලා ගිහින් හර්ෂ ද සිල්වා වැනි උගත්, බුද්ධිමත් නායකයින් පිරිසක් සමග ඉදිරියට ගියොත් මිසක් ඔය පක්ෂ දෙකටම අනාගතයක් නැති වෙනවා. දැන් ඉන්න තරුණ පරම්පරාව ඡන්දය දෙන්නේ පක්ෂ, පාට බලලා නොව දෙන ප්‍රතිපත්තිමය පොරොන්දු මත බව පෙනෙනවා.
ඔය සජිත් පිලේ ඉන්න අය දැනගන්න ඕන කවදාවත් සජිත් වගේ මෝඩ උද්දච්ච වැඩබැරි ටාසන් කෙනෙන් එක්ක ගමනක් යන්න බැරි බව. ඒ වගේම මේ බව සජබෙට ඡන්දෙ දීපු අයත් තේරුම්ගන්න ඕනෑ. ස්ජබේ ඡන්ද දායකයින් කියන්නේ එජාපයේ හිටපු අයම නිසා ඒ අය ඊළඟ ඡන්දෙදි මේ උද්දච්ච මෝඩයාටයි ඇත්ත තේරුම්නොගෙන එතැන ඉන්න සෙට් එකටයි පාඩමක් උගන්වන්න ඔවුන් දැනගන්න ඕනෑ. නැතිව කවදාවත් සජිත් එජාපය එක්ක එකතුවෙන්නේ නැහැ.
සජිත් ඔය තැනට ගෙනාවාට නුගේගොඩ රැස්වීම සංවිධානය කල අයට ස්තුති කරන්න ඕන.
වැල් වටාරම් නැතුව නායකයා දෙන්නා කාටද කියන්නේ