
(විනීතා එම් ගමගේ)
ඉන්දුනිසියානු සාම්ප්‍රදායික වගා ක්‍රමයක් වන “සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ලවණ ජලය සහිත ඉඩම්, වගුරු බිම්, මෙන්ම ජලය විධිමත් පරිදි බැස නොයන වගා කළ හැකි එහෙත් දැනට පුරන් වීමට ඉඩ හැර තිබෙන කුඹුරු ඉඩම් ආශ්‍රිතව පලදායීව වගා කිරීම සඳහා සෝජාන් වගා ක්‍රමය උපයෝගී කරගන්නා අතර එවැනි ඉඩම්වල තරමක් උස පස් වැටි සකසා ඒ මත ආහාර භෝග වගා කිරීම සිදු කෙරේ.
මෙම ක්‍රමය යටතේ නව වගා ව්‍යාපෘති 05ක් මෙම වසර තුළ හඳුන්වා දීමට පරිසර අමාත්‍යංශය කටයුතු යොදා ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.
මේ වනවිට කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගත නොහැකි පුරන් කුඹුරු අක්කර 20,917ක් රට තුළ පවතින බවත් වගා කළ හැකි පුරන් කුඹුරු අක්කර 46,325 ක් ඇති බවත් කී ඔහු වගා කළ නොහැකි පුරන් කුඹුරුවලින් වැඩි ප්‍රමාණයක් වන අක්කර 5903 ක් පවතින්නේ බස්නාහිර පළාතේ යැයි ද කීය.
එමෙන්ම වගා කළ හැකි පුරන් කුඹුරුවලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් ඇත්තේ බස්නාහිර පළාතේ බවත්, එය අක්කර 18,461.35ක් වන බවත් ගොවිජන සේවා දෙපාර්තමේන්තු සංඛයා ලේඛන පෙන්වා දෙන්නේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 2-3කට වත් කළින් කළ යුතුව තිබුණු දේවල් දැන් කරන්න පටන් ගත්තාම තියෙන ප්රශ්නය නම් විසඳෙන්නේ නැහැ. අඩුගානේ දැන්වත් මේවා අධ්‍යයනය කරලා අලුත් දේවල් කරන්න හිතන එකත් මදැයි. අනේ එකක් කියන්නම් වැඩේට යන වියදම වගේ දහගුණයක් ප්රචාරයට වියදම් කරලා වැඩේ පුස්සක් නම් කරන්න එපා. ඔව්වට යට කරන්නේ අපේ දුක්විඳලා හම්බ කරලා ගෙවන බදුසල්ලි... නැතුව සොහොන් පෙන්නලා හම්බ කරපුවා නෙවෙයි.
ආයෙත් පෝර හෝ සීනි නැවක් මේ වැඩේට ගෙන්නන්න වෙයිද...?
අපේ රටේ හැම දෙයක්ම පටන්ගන්නේ බොහෝම ප්‍රමාද වෙලා.., හරියටම හදිස්සියෙන්ම නින්දෙන් ඇහැරුණා වගේ...