IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ හැරවුම් ලක්ෂයයි’

(නිමල කොඩිතුවක්කු)

රට ගොඩනැගිය හැකි වැඩපිළිවෙළ ඇතුළත් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රටේ ඉදිරි හැරවුම් ලක්ෂය වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර මහතා කොළඹදී අද (31) පැවැසීය.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට එහා ගිය ජනතාවාදී වැඩපිළිවෙළක්  සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් ඉදිරිපත් කර ඇති බවත් පැවසූ මන්ත‍්‍රීවරයා මෙම වැඩපිළිවෙළ තුළින් ඉදිරියේදී රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරිමට හැකි වෙනු ඇතැයිද  සඳහන් කළේය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර මහතා මෙසේ කීය.

‘‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වනු ලැබූවා. රාජ්‍ය සේවකයාගේ, රණවිරුවන්ගේ වැටුප් වැඩිකරමින් සෑම පුරවැසියකුගේම අයිතිවාසිකම් තහවුරු කරමින් රට සෞභාග්‍යමත් දේශයක් කරා ගෙන යා හැක වැඩපිළිවෙළක් සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කර තිබෙනවා.

ප‍්‍රතිවාදී අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට එහා ගිය රටේ හැරවුම් ලක්ෂය බවට  සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පත්ව තිබෙනවා.

බුදුදහමට මුල් තැන දෙමින් අනිකුත් ජාතීන්, ආගම් ආරක්ෂා කරගනිමින් මුළු රටම එක්සේසත් කරන රජයක් අපි බිහිකරනවා. ජාති ආලෙන්, ආගම් ආලෙන් කතා කරන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති  ප‍්‍රකාශයෙන් බුදුදහමට ලබාදී ඇති  තැන පිළිබඳව අපි විමසනවා.

ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ සියලූම ජනතාවට ජීවත් විය හැකි රටක් නිර්මානය කිරිම අපේ අරමුණයි. ඒ වෙනුවෙන් නව නීති හදුන්වා දෙමින් සුරක්ෂිත රටක් වෙනුවෙන් අපි කැපවෙනවා.

පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තවම ශ්‍රී ලංකික පුරවැසියෙක් කියලා ඔප්පු කරලා නැහැ. ඒ සඳහා වන ලිපි ලේඛන ඔහු තවම ඉදිරිපත් කරලා නැහැ. වැරදිලා හරි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයගත්තත් ගීතා කුමාරසිංහ මහත්මියට වෙච්ච දේම ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙන්න පුලූවන්. මොකද ඔහු ලාංකීය පුරවැසියෙක් නොවන නිසා යැයි ද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.



අදහස් (0)

‘සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ හැරවුම් ලක්ෂයයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28862 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18208 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11236 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 691 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site