IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සජිත්-මහින්දානන්ද පැටලී මැති සබේ උණුසුමක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ  සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ ආක්‍රමිකතා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (6)  පස්වරුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.

මේ  උණුසුම් තත්වය ඇතිවූයේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  සිය අසුන්වලින් නැගිට  එකිනෙකාට චෝදනා කරමින් කෑ කෝ ගසන්නට වීම නිසාය.

මේ හේතුවෙන් සභාව  පාලනය කර ගැනීම සඳහා මුලසුනේ සිටි වීරසුමන වීරසිංහ  මන්ත්‍රීවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් මහින්දානන්ද  අලුත්ගමගේ මහතා  මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව තොරතුරු හෙළි කරමින් ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දිගින් දිගටම චෝදනා කළේය.

සිරිකොත හැදීමටත් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් වෙන් කර ඇතැයි අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

විවාදයට මීළඟට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අරමුදලේ  මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් වෙනත් පාර්ශවයකට චෝදනා  කළේය. (ලැයිස්තුවක් කියවයි)



අදහස් (4)

සජිත්-මහින්දානන්ද පැටලී මැති සබේ උණුසුමක්

Hafeel Wednesday, 06 December 2023 03:01 PM

මෙම කැරම් බෝඩ් මන්ත්‍රීට අමතක වෙලාද සිරිකොතේ ලොක්කා දැන් කොහෙද ඉන්නේ කියලා... සිරිකොතට දොස්කියලා ඔයා පත්කළ පින් ජනාධිපතිව තරහ කරගන්න වෙන්නේ...!

:       8       30

Bamunuarachchi Thursday, 07 December 2023 02:52 AM

බිම දාන් අදින උඹලට මොන කැරම්ද? තුන්කාල රාත්තලට කිරාගෙන ඉඳහල්ලා.

:       0       0

මැක්ස් Wednesday, 06 December 2023 04:03 PM

සජිත් දැන් සජිත් පිලේ අයටත් එපාවෙලා. හැමදේටම කට දානවා කියලා ඒ පක්ෂේ උන්දැලාම කියලා තියෙනවා කියලා මාධ්‍යයේ ගියා. එහෙව් මිනිහෙකුට රටේ නායකකම දෙන්න තරම් ලංකාවේ මිනිස්සුන්ට මොලේ අමාරුවක් නැති නිසා හොඳයි...

:       10       16

TRUSTH Thursday, 07 December 2023 11:07 AM

ඔය 225 සහ 1977 පස්සේ ආපු සේරම දේශපාලුවෝ පල හොරු .ඕකුන් නිසා අපි දුක් විඳිනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site