
(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අද (26) පැවැත්විණ.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා අතර මෙරට සමාජ ආර්ථික හා දේශපාලන කරුණු රැසක් සමිබන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී.
වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා දැනුවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කටයුතු කරනු ලැබීය.
පවතින බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීම සඳහා ඉදිරියටත් සහයෝගය ලබා දෙන ලෙසත් එහිදී විපක්ෂ නායකවරයා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළේය.
මෙම හමුව සඳහා මෙරට ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් මැතිව් ලෝඩ් මහතා එක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ ඉස්කොල වලට දැං බස් සුහුරු පංති කාමර තියනවා.. ඔස්ට්‍රේලියාවෙ ළමයින්ට තමයි ඔය මුකුත් නැත්තේ සජිත් මැතිතුමා හදන්නෙ ඔස්ට්‍රේලියාවෙ ඉස්කොල වලටත් බස් දෙන්න යි සුහුරු පංති කාමර දෙන්නයි...
මෙවැනි කොන්ද පණ නැති විපක්ෂ නායකවරුන් ලෝකයේ වෙනත් රටවල නැති බව ප්‍රේමදාස මහතාට කියා දෙන මැන ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් තුමනි.
ජපන් භාෂාවෙනුත් අදහස් හුවමාරු කරගෙනද ?
එහෙනම් මෙයා ඕස්ට්‍රේලියන් කාරයන්ටත් ඉංගිරිස් ටිකක් උගන්නන්න ඇති.
සුද්දට කලිසමේ යන්න ඇති... ලොවෙත් නැති බර ඉංග්‍රීසි වචන වලට...
ඕස්ට්‍රේලියාවේ වීසා අයදුම් කරන්නද?