(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය ජූලි මාසයේදී මෙරටට සංචාරකයන් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ ජූලි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් 187,810 ට සාපේක්ෂව සියයට 6.6 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 7 තුළදී සංචාරකයන් 1,368,288 ක් මෙරටට පැමිණ ඇති අතර මෙම වසරේ සංචාරක ඉලක්කය වන ලක්ෂ 30 සීමාවට ළඟාවීමට නම් තවත් සංචාරකයන් 1,631,712 ක පිරිසක් ඉතිරි මාස 5 දී ශ්‍රී ලංකාවට පැමිණිය යුතුව ඇත.
ජූලි මාසයේදී මෙන්ම මෙම වසරේ පළමු මාස හත තුළදීද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර පසුගිය ජූලි මාසයේදී මෙරටට සංචාරකයන් 37,128 ක් සහ පළමු මාස හත තුළදී සංචාරකයන් 279,122 ක් මෙරටට පැමිණ ඇත. ජූලි මාසයේදී දෙවැනි සහ තෙවැනි ස්ථානයට සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් සහ නෙදර්ලන්තයෙන් වේ.
නමුත් මෙම වසරේ පළමු මාස හත තුළදී මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් සහ රුසියාවෙන්ය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සංචාරකයන්ගේ පැමිණීම සියයට 6.6කින් ඉහළට
අරවින්ද මොණරවිල Monday, 04 August 2025 09:44 AM
ලබන නොවැම්බර් හා දෙසැම්බර් වන විට මෙරට සංචාරකයන්ගෙන් පිරෙනු ඇත. ඒ නිසා සංචාරකයන්ට සුදුසු පරිසරයක් නිර්මාණය කරන්න පතාල මර්ධනය කරලා පොලිසිය මගින් නීතිය හා සාමය රට තුල ස්ථාපිත කරන්න ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතුයි.