
(කාංචන කුමාර ආරියදාස)
වැඩි මිලට අලෙවි කිරීම සඳහා ගලේවේල මකුලුගස්වව ප්‍රදේශයේ වෙළෙඳහලක ගබඩාවක සඟවා තිබූ සහනාධාර පොහොර මිටි 160ක් ගොවිනට බෙදා දීමට පාරිභොගික අධිකාරිය කටයුතු කෙළේය.
මාතලේ දිස්ත්‍රික් ලේකම් එච් .කේ .පෙරේරා මහතාට ලද තොරතුරක් අනුව මාතලේ පාරිභෝගික අධිකාරියේ ප්‍රධානී රේණුක කුමාර මහතා ඇතුළු පිරිසක් ගොවින් ලෙස වෙස්වලාගෙන ගලේවෙල මකුලුගස්වැව ප්‍රදේශයට මෙම ජාවාරම සනාථකරගෙන ඇත.
පසුව ගොවියකු ලෙස පෙනී සිටිමින් වෙලසැලට ගිය පාරිභෝගික අධිකාරියේ නිලධාරියා පොහොර මිටියක් මුදලට ඉල්ලා ඇති අතර එම වෙළඳසලේ හිමිකරු පොහොරක් නොමැති බව දන්වා ඇත.
කෙසේ වූවද පාරිභෝගික අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානී රේණුක කුමාර මහතා වෙළඳසල විවෘත කොට පරීක්ෂාකර බැලීමේදී ගබඩාවක් තුළ සඟවා තිබූ රජයේ සහනාධාර පොහොර මිටි 160 කට අධික ප්‍රමාණයක් සොයා ගත හැකි විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ රසායනික පොහොර හින්දා නැහැ කියනවා නේද? එහෙනම් ඇයි මේ පෝර මිටි 160 ගිනිබත් කළේ නැත්තේ..?
පාරිභෝගික භාණ්ඩ සඟවා වැඩිමිලට විකුණන කූට වෙළඳුන් පිළිබඳව නිර්නාමිකව පැමිණිලි කිරීමට වැඩ පිළිවෙලක් වහාම ආරම්භ කළ යුතුයි.
රසායනික පොහොර ආනයනය කිරීම සහ භාවිතය තහනම් කළ යුතුයි. එවිටයි බලාපොරොත්තු වන පරිදි ලෙඩ රෝග වලින් මහ ජනතාව බේරාගන්න පුළුවන්. මේ දැන් පනවා ඇති තහනම රජයට පොහොර ආනයනය සඳහා මුදල් නොමැති වීම නිසා කළ දෙයකි. එ් නිසයි නිසි සැලසුම් හෝ විකල්ප නැත්තේ...