(යොහාන් භාසුර)
විනය විරෝධී ක්‍රියාවල යෙදෙන භික්‍ෂූන්ට එරෙහිව පියවර ගැනීමට සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කළ යුතු බවත් එවැනි සිද්ධීන් යොදාගනිමින් බුද්ධ ශාසනයට එරහෙිව කටයුතු කණ්ඩායම්වලට එරෙහිව පියවර ගතයුතු බවත් මහා සංඝරත්න පවසති.
භික්‍ෂූන් කීහිප පොළක් කරන පහත් නින්දිත ක්‍රියාවන් උලුප්පමින් ඒවා අන්තර්ජාලයට යොමු කර පොදුවේ මහා සංඝරත්නයට විනාශ කර බෞද්ධ සම්බන්ධය විනාශ කිරීමේ සංවිධාන ඇති බවත් ඒවාට විශාල වශයෙන් මුදල් එන බවත් අමරපුර මූලවංශික නිකායේ ලේඛකාධිකාරී අකුරල මංජුලතිස්ස ස්වාමීන්වහන්සේ අද (10) පැවසූහ.
වැරදි කරන කිසිඳු භික්‍ෂුවක් ආරක්‍ෂා කරන්න කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව කී අකුරල මංජුලතිස්ස ස්වාමීන්වහන්සේ එවැනි භික්‍ෂූන්ගේ නිකායේ නායක ස්වාමීන්වහන්සේලාට විනය පරීක්‍ෂණයක් කර නෙරපා හැරිය හැකි බව ද සඳහන් කළහ.
එසේ නොවේ නම් පොලිසියට සහ අධිකරණයට වැරැද්දේ ප්‍රමාණයට දඩුවම් කිරීමේ කිසිඳු තහනමක් නොමැති බවත් මෙහිදී ප්‍රහාර එල්ල කරන්නේ පෞද්ගලික නාමයට නොව සමස්ත බෞද්ධ ආගමට බවත් අකුරල මංජුලතිස්ස ස්වාමීන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් ගේමු...
අපවාද කරන අය මර්දනය කරන්ඩ කියලද බුදු බණේ තියෙන්නේ. එව්වට හදිස්සි වෙන්නේ නැතුව විනයක් නැති අයව සාසනයෙන් නෙරපන එක ඉක්මනින් කරන්ඩ. ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑනේ. අපවාද කරන්ඩ තැන් තියන නිසයි අපවාද කරන්නේ.
ඊට ඉස්සෙල්ල මහනායකවරු තම ගෝල හාමුදුරුවන්ගෙ විනය රැකගැනීමට කටයුතු කලොත් නේද හොද…!
මේ කතාව කියන්න ඕන මහානායක හිමිවරුන් නේද? කිසිම් සද්දයන් නෑනේ?.
කිසිම වරදක් නෑ .... ලිංගිකත්වය අවශ්‍යතාවක් ...
එලවන්න නම් හම්බවෙන්නේ නැහැ ,මොකද ඒ හැම චිවරදරියෙක් ම වගේ රාජපක්ෂ නිකායේ අය නේ
අවසානේට කෙල්ල පටාචාර වෙලා,,, සාධු බුදු වෙලා,,, දායකයෝ දෙව්දත් වෙලා,,, වීඩියෝ එක බලපු ශෙයා කරපු උබලා අපි අපායේ ගියා